අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 8ක්·19 Sept 2026 යාවත්කාලීන විය

2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත්ට

පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය 'නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිකර ගැනීමට සමත් විය. පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) මගින් සංවිධානය කරනු ලබන "වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී" ඇගයීම් යටතේ පැවැත්වෙන මෙම සම්මානය සඳහා ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාව නාමයෝජනා කරන ලද්දේ මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) ශ්‍රී ලංකා ශාඛාව විසිනි. 2026 ජූලි 08 වන දින ලන්ඩන් නුවර පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත මෙම නාම යෝජනාව ඉදිරිපත් කර තිබිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘෂ්‍යාබාධිතභාවයක් සහිත ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාවේ (Parliamentary Caucus for Persons with Disabilities) සභාපතිවරයා ලෙස පත්වෙමින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, සංඥා භාෂා පිළිගැනීම, ප්‍රවේශ්‍යතා ප්‍රමිතීන් සහ ව්‍යවස්ථාපිත සංශෝධන උදෙසා කැපී පෙනෙන නායකත්වයක් ලබා දී ඇත. විශේෂයෙන්ම, 2026 ජාතික අයවැය යටතේ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් වෙන්වූ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශ 25කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමාලෝචන පවත්වමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වගවීම තහවුරු කිරීමට එතුමා කටයුතු කළේය. ඊට අමතරව කිලිනොච්චිය, මුලතිව්, මඩකලපුව සහ කළුතර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් බිම් මට්ටමේ මහජන සාකච්ඡා පවත්වමින් ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීමටත්, කම්කරු හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ සමඟ එක්ව නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් ප්‍රතිපත්තිමය නීති රාමු සකස් කිරීමටත් එතුමා මුලපිරීය. තවද, ප්‍රවේශ්‍යතා විගණන (accessibility audits) සිදු කළ හැකි තරුණ හා ආබාධ සහිත ප්‍රජා නියෝජිතයින්ගෙන් සැදුම්ලත් පුහුණු කණ්ඩායමක් ජාතික මට්ටමින් ගොඩනැගීමට ද එතුමාගේ නායකත්වය හිමි විය. අම්බලන්ගොඩ කන්දෙගොඩ කනිටු විදුහලෙන් සහ වතුගෙදර සිරි අබේතිස්ස කනිටු විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඒ මහතා, දෘෂ්‍යාබාධිත වීමෙන් පසු රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත්ව බ්‍රේල් අකුරු ඇතුළු විශේෂ අධ්‍යාපනය ලැබීය. අනතුරුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරූ එතුමා, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධිය පළමු පෙළ ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ගැනීමට සමත් විය. කෙටි කාලයක් තුළ මහජන නියෝජනය සහ පාර්ලිමේන්තු නායකත්වය ප්‍රායෝගික රාජ්‍ය පාලන ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමට එතුමා දැක්වූ කුසලතාව මෙම සම්මානය හරහා ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත. 2026 සැප්තැම්බර් මස 17 වන දින දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පැවැත්වුණු 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී (69th Commonwealth Parliamentary Conference) මෙම සම්මානය එතුමා වෙත නිල වශයෙන් පිරිනමන ලදී.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Lanka Truth·19 Sept 2026මන්ත්‍රී සුගත් වසන්තට පොදු රාජ්‍ය මණ්ඩලයේදී සම්මානයට පාත්‍රවෙයි…
  • News.lk·18 Sept 2026පොදුරාජ්‍ය මණ්ඩලීය '2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා හිමිකර ගනී
  • Dasatha Lanka News·18 Sept 2026මාලිමා මන්ත්‍රී සුගත් වසන්තට පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයක්
  • News First - සිංහල·18 Sept 20262026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත්ට
  • Hiru News - Sinhala·18 Sept 2026පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වාට හිමි වෙයි
  • ITN News·18 Sept 2026මන්ත්‍රී සුගත් වසන්තට පොදු රඳ මඩලු සම්මානයක්
  • ලංකාදීප·18 Sept 2026මන්ත්‍රී සුගත් වසන්තට පොදු රඳ මඩලු සම්මානයක්
  • අද දෙරණ·18 Sept 2026පොදුරාජ්‍ය මණ්ඩලීය '2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' සුගත් වසන්ත ද සිල්වාට

සාරාංශය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය `නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිව තිබේ. 2026 ජූලි 08 වන දින ලන්ඩන් නුවර පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත මෙම නාම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

Lanka Truth වෙතින් සාරාංශගත කර ඇත

සුගත් වසන්ත ද සිල්වා ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 15 ඔක් 2026ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදයිමූලාශ්‍ර 2ක්
  2. 5 ඔක් 2026ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක්මූලාශ්‍ර 3ක්
  3. 5 ජන 2026ආබාධ සහිත වූවන්ගේ ගමනාගමනයට 'පතුල පහළ බස්' රථ 10ක් ගේනවා - පාර්ලි­මේන්තු මන්ත්‍රී සුගත් වසන්තමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • සුගත් වසන්ත ද සිල්වා·
  • කෞෂල්‍යා ආරියරත්න·
  • සාගරිකා අතාවුද·
  • උපාලි සමරසිංහ·
  • ඉරන් කුමරන්
ආයතන
  • මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ·
  • පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය·
  • CPA මූලස්ථාන ලේකම් කාර්යාලය·
  • National People's Power·
  • රත්මලාන අන්ධ විද්‍යාලයට·
  • කොළඹ විශ්වවිද්‍යාලයේ·
  • ශාඛාව·
  • Parliament of Sri Lanka
ස්ථාන
  • ලන්ඩන් නුවර·
  • Sri Lanka·
  • අම්බලන්ගොඩ·
  • Colombo·
  • Jaffna·
  • දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර·
  • Kilinochchi·
  • Batticaloa

සැකෙවින්

පුවත් ආයතන
8
ලිපි
8
මුලින්ම වාර්තා වූයේ
18 සැප්, 12:14
අවසන් යාවත්කාලීනය
19 සැප්, 1:37

දේශපාලනය හි තව

දේශපාලනය
  • නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියේ පරිපූරක ඇස්තමේන්තුව හෙට විවාදයටමූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා මං ගණන් කරනවා - නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 5ක්·පැය 1කට පෙර
  • කෝටි 4700ක සහන පරිපූරකයට මැතිසබේ අනුමැතියමූලාශ්‍ර 9ක්·පැය 2කට පෙර
  • පාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල උණුසුම් තත්ත්වයක්මූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාරේ දැඩි වාහන තදබදයක්මූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1කොටස් වෙළෙඳපොළේ වටිනාකම අද රු. බිලියන 156කින් ඉහළටමූලාශ්‍ර 7ක්
  2. 2විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් ගෝඨාභය කළ ඉල්ලීම ගැන අධිකරණය ගත් තීරණයමූලාශ්‍ර 14ක්
  3. 3විදුලි බිල යළි වැඩි කරන්න ඉල්ලයි (VIDEO)මූලාශ්‍ර 14ක්
  4. 4ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු බිඳ වැටේ ඩිමොක්‍රටික්ස් පක්ෂයට ඓතිහාසික ජයක්මූලාශ්‍ර 14ක්
  5. 5ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්මූලාශ්‍ර 6ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය