ශ්රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Tamil Union C & AC කණ්ඩායම සහ SSC කණ්ඩායම අතර අද (16) රාත්‍රී 7.00ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් 14ක් සහභාගී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා කොළඹ දී අවසන් වූයේ තරග 45ක දී ශතක 20ක් සහ අර්ධ ශතක 85ක් සමඟින් ලකුණු 18832ක් ද සහ කඩුලු 695ක් ඉතිහාසයට එක් වෙමිනුයි.

"මේ තරගය කාන්තාවන්ට ගොඩක් අමාරු යි. ඒක ජය ගන්න තරම් ශක්තියක් ඇත්තට ම ඔවුන්ට නැහැ." ඒ, ලොව අපහසු ම දිගු දුර දිවීමේ (ultramarathon) තරගවලින් එකක් වන බාක්ලි මැරතන් තරගයේ අධ්‍යක්ෂ ලාසරස් ලේක්ගේ වචන යි. මේ දක්වා ඊට සහභාගී වූ 1,000කට ආසන්න පිරිසෙන් එය සම්පූර්ණ කිරීමට හැකි වී තිබෙන්නේ, 20 දෙනෙකුට පමණි. 2015 වසරේදී ඔහු මෙම ප්‍රකාශය කරමින්, එම ප්‍රකාශය වැරදි බව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කළ අතර, බ්‍රිතාන්‍ය ජාතික දුර දිවීමේ ක්‍රීඩිකාවකට එය එලෙස ම ඔප්පු කර පෙන්වීමට වසර නවයක් ගත විය.

කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගාවලිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ විසින් පළමු වරට සංවිධානය කරන ලද කොළඹ මැරතන් (COLOMBO MARATHON) ජාත්‍යන්තර තරගාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ඒ සඳහා පිරිනැමුණු අභියෝග

2029 වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (World Athletics Championships) සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය අසමත් වී ඇති අතර, එම තරගකාරීත්වය ජය ගැනීමට කෙන්යාවේ නයිරෝබි (Nairobi) නගරය සමත්ව තිබේ.

පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝතම ක්‍රීඩා දිවියට හිමි වාර්තාව සිය නම ඉදිරියේ ලියා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් සමත් වුණා. ඕස්ට්‍රේලියාව සමඟ අද (15) පැවැත්වෙන තරගයත් සමඟ බ්‍රෙන්ඩන් ටේලර් මේ දක්වා, අවුරුදු 22ක් සහ දින 148ක් සිය එක්දින ක්‍රීඩා දිවියේ ගතකර තිබෙනවා. එම ලැයිස්තුවේ මීට පෙර පෙරමුණේ පසුවූයේ ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් වූ අතර ඔහු [...]

වසර 23ක ඉතිහාසයකට හිමිකම් කියන 100%ක් දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර්ස් සිය නවතම 'SENARO PREMIER CENTER' ප්‍රදර්ශනාගාරය ජුබිලිකණුව මංසන්ධියේදී විවෘත කරමින් සෙනාරෝ සන්නාමය යටතේ හඳුන්වා දෙන නවතම යතුරුපැදි මාදිලිය වන SENARO RR250 වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ උපුල්...

කළුතරින් ඇරඹි ගමන ලෝකයේ මුදුනටම:රුමේෂ් තරංගගේ අසමසම ස්වර්ණමය වංශකතාව: ලෝක මලල ක්‍රීඩා වංශ කතාවේ අති දැවැන්තයන්ගේ පා සටහන් අතර ශ්‍රී ලංකාවේ නාමය රන් අකුරින් සටහන් කිරීම යනු සැබවින්ම පහසු කාර්යයක් නොවේ. එමෙන්ම ක්‍රීඩා ලෝකයේ දැවැන්ත ආර්ථික හා භෞතික පහසු

මුලසිටම තරගය අතහැරි චමරිලාට ආසියානු අනුශූරතාව අපරාජිත ගමනක ආ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයේදී කිසිදු සැලසුමකින් තොරව ක්‍රීඩා කිරීමත් මුල සිටම ඉන්දියාව හමුවේ චමරිලා ධෛර්යවන්තව ක්‍රීඩා නොකිරීම නිසාත් ඩුබායි නුවරදී 13 වැනිදා (ඉරිදා) පැවැති කාන්තා

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ හෙට (15) සිට ආරම්භ වීමට නියමිතයි.

ශ්රී ලංකාවේ සුඛෝපභෝගී දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සිය ව්‍යාපාරික ගමන්මඟේ නව පරිච්ඡේදයක් අරඹමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය මහතා සිය සන්නාම තානාපතිවරයා ලෙස පත් කරගත් බව Global Housing & Real Estate (Pvt) Ltd (GHR) සමාගම නිවේදනය කරයි. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය GHR සමාගමේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. "වෙනසෙහි නියමුවන් දෙදෙනෙක්, නව...

ශ්රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ලෙස පත් කර ඇති බව වාර්තා වේ.
