නීතිවිරෝධී ක්‍රියාකාරකම් සහ විවිධ මූල්‍ය වංචා සඳහා ජංගම දුරකථන සබඳතා අවභාවිත කිරීම වැළැක්වීමේ අරමුණින්, ශ්‍රී ලංකාව තුළ SIM කාඩ්පත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දැඩි කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සුදානම් වනවා. නව ක්‍රමවේදය යටතේ අලුතින් SIM පතක් ලබාගන්නා සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා සජීවී ඡායාරූපයක් (Live photograph verification) ලබාගැනීම අනිවාර්ය කරනු ඇත. මෑත කාලීනව නීතිවිරෝධී ක්‍රියාකාරකම් රැසක් සඳහා අවිධිමත් ලෙස ලබාගත් SIM කාඩ්පත් භාවිත කිරීම ඉහළ ගොස්



















