අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

News First - සිංහල

News First - සිංහල•පැය 10කට පෙර•මූලාශ්‍ර 19ක්ජනප්‍රිය
පළාත් කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

ඒ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි. ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

1 min1m
News First - සිංහල•පැය 10කට පෙර•මූලාශ්‍ර 26ක්ජනප්‍රිය
ශිරන්ති රාජපක්ෂ විදෙස් ගත වෙයි...

ඒ ලබන 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට ඇය කැඳවා ඇති පසුබිමකදීයි. සිරිලිය ගිණුම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ ලබන 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබිණි. කනිටු පුත් රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වන ඈන් ද ලිවේරාද, ශිරන්ති රාජපක්ෂ සමග සිංගප්පූරු ගමනට සහභාගි වී ඇති බව වාර්තා වේ. ඔවුන් අද අලුයම 1.10 ට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ, සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකිනි. මේ අතර, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් කර තිබියදී රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව, ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු සඳහන් කළේ ය. එම සාමාජිකයා ප්‍රකාශ කළේ, ඇය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස, මීට පෙර කිසිදු කැඳවීමක් කර නොතිබූ බවද එම සාමාජිකයා පැවසුවේය. ගුවන් යානය අද අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී, ගුවන් තොටුපල නිලධාරියෙකු විසින් එක්වරම අදාළ ලිපිය ඇය වෙත භාරදී ඇති බවද, එම සාමාජිකයා සඳහන් කළේ ය.

1 min1m
News First - සිංහල•පැය 20කට පෙර•මූලාශ්‍ර 10ක්
සලේ දින සීයක් රෝහලේ, වෛද්‍ය වාර්තා එවා නැහැ,

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළව අද දිනයේ අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ජාතික රෝහලේ අධ්‍යක්ෂයවරයාට පසුගිය දෙවනදා නඩුව කැදවූ අවස්ථාවේ නියෝග කර තිබුණි. නමුත් අද රෝහල් අධ්‍යක්ෂවරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ නැහැ. මීට අමතරව සුරේෂ් සලේ වදහිංසාවට ලක්ව ඇත්දැයි විමර්ශනය කර කරුණු වාර්තා කිරීම අධිකරණය පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්ද නම් කර තිබුණි. අධිකරණයේදී අනාවරණය වූයේ මෙම වෛද්‍ය මණ්ඩලයට වාර්තාව සැකසීමට අවශ්‍ය රෝග විනිශ්චිය ඇතුළු වාර්තා රෝහල් අධ්‍යක්ෂවරයා විසින් යොමුකර නොමැති බවයි. පාස්කු විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත සිටින සැකකාර සුරේෂ් සලේ විමර්ශනය සම්පූර්ණයෙන්ම අඩපණ කර දින 100ක කාලයක් කොළඹ ජාතික රෝහලේ විවේකීව නේවාසික රැඳී සිටින බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අද අධිකරණය හමුවේ කියා සිටියේය. මේ අතර 278 දෙනෙකු ඝාතනය කර තවත් 500 කට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සුරේෂ් සලේ ඇතුළු පිරිසකගේ සබඳතා පිළිබඳව අද තවත් සුවිශේෂී සාක්ෂි දෙකක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඉන් එක් සාක්ෂියක් ලබාදී තිබුනේ එවක යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවෙක්. පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙර රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන රැකවරණය මත කීප අවස්ථාවකදීම සහරාන් හසීම් මන්නාරම් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලාගොස් ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේය. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා රාජ්‍ය සේවයේ අන්තවාදී කටයුතු සම්බන්ධව සොයා බැලූ අංශයේ හිටපු පොලිස් පරික්ෂක රංජන් සෙනෙරත් බණ්ඩාරට විදෙස් ගමන් තහනමක් ද ඉල්ලා සිටියේය. අධිකරණය එම ඉල්ලීමට අවසර ලබාදුනි. එමෙන්ම විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදු කර තිබෙන ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය. සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු විමර්ශන ප්‍රගතිය බව පවසමින් ඉදිරිපත් කරන බී වාර්තා අසත්‍ය ප්‍රකාශ බව කියා සිටියේය. නඩුව සැප්තැම්බර් 22 වනදා යළි කැඳවීමට නියමිතයි.

1 min1m
News First - සිංහල•පැය 23කට පෙර
විමල් ඇතුළු 6ක් අධිකරණයට අපහාස කළාද?

එම විනිසුරු මඩුල්ලට ඇතුළත් වන්නේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යි. කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබූ එම පැමිණිල්ල අද (15) අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය. සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය එහිදී සඳහන් කළේ පැමිණිල්ල සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන බවයි. පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, තීරණය කළේ, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න, කථිකාචාර්ය මහින්ද පතිරණ යන පිරිස අධිකරණයට අපහාසයක් කර ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් 2024 වසරේ අංක 08 දරණ අධිකරණයට හෝ විනිශ්චය ආසනයකට අපහාස කිරීම සම්බන්ධ පනත යටතේ සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණය වෙත යොමු කර තිබේ. පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඉකුත් ජූලි මාසයේ පැවති සත්‍යග්‍රහය අතරතුර පළ කළ අදහස් වලින් මොවුන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමිනි.

1 min1m
News First - සිංහල•පැය 23කට පෙර•මූලාශ්‍ර 16ක්
රවී සහ ශානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්..

අධිකරණය එම තීන්දුව ලබා දුන්නේ, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ගොනුකළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. ඉකුත් ජනාධිපතිවරණ සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එවක නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න හා එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබිණි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව පෙත්සම පිළිබඳව තීන්දුව අද ප්‍රකාශයට පත් කලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් දේශපාලන වුවමනා මත පෙත්සම්කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ද්වේශ සහගත ලෙස පැමිණිල්ල සිදු කරනු ලැබ ඇති බව විනිසුරු ගිහාන් කුලතංග තීන්දුව ලබා දෙමින් කියා සිටියේ ය. විනිසුරුවරයා පැවසුවේ, අදාළ පැමිණිල්ල මත පදනම් වෙමින් සිදුකළ විමර්ශන හේතුවෙන් පෙත්සමේ දෙවන වගඋත්තරකාර ඉන්දුක සිල්වා, හත්වන වගඋත්තරකාර පාලිත සිරිවර්ධන සහ අටවන වගඋත්තකාර දේශබන්දු තෙණ්නකෝන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. ඒ අනුව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් පෙත්සම්කරුවන්ට වෙන් වෙන්ව රුපියල් පනස් දහස බැගින් වන්දි මුදලක් ද එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් වෙන් වෙන්ව රුපියල් දසදහස බැගින් වූ වන්දි මුදලක් ද පෙත්සම්කරුවන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය. 2023 වසරේ ජාතික ජන බලවේගයට අනුබද්ධ විශ්‍රාමික පොලිස් සාමූහිකය පිහිටුවා මහරගමදී පැවැත්වූ ප්‍රථම රැස්වීමෙන් පසුව එවක නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ එවක සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ ඇතුළු පිරිසක් විසින් මාධ්‍ය හමුවක් පවත්වා තමන්ට එරෙහිව ද්වේශසහගත සහ අසත්‍ය චෝදනා එල්ල කළ බව රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර සිය පෙත්සමේ සඳහන්කර තිබිණි. පෙත්සමෙන් පෙන්වා දී තිබුනේ පාස්කු ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදී හිතා මතා සඟවාගෙන සිටි බවට එම මාධ්‍ය හමුවේදී චෝදනා කළ බවයි. පෙත්සම මගින් එම චෝදනා ප්‍රතික්ශේප කළ පෙත්සම්කරුවන් දෙදෙනා දේශපාලනික අරමුණු මත ගොනු කළ අසත්‍ය පැමිණිල්ලකට අනුව තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ දැඩි අවදානමක් පවතින බව පෙන්වා දී තිබේ. ඒ අනුව පැමිණිල්ල මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වළක්වාලමින් වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමෙන් වළකින ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් පෙත්සමෙන් ඉල්ලා සිටියේ ය. අද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පැමිණිල්ලට අදාළව පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම හෝ ඉදිරි විමර්ශන සිදුනොකරන ලෙසයි.

2 min2m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
2026-09-15 දිනට අදාළ කැබිනට් තීරණ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka (Pvt) Ltd. විසින් 'Disrupt Asia ‐ 2026' යනුවෙන් ජාතික තාක්ෂණ සමුළුවක් සහ නවෝත්පාදන උළෙලක් පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. ව්‍යාපාර ආරම්භක තරගාවලියක්, විවිධ තේමා යටතේ ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලගතවීමේ උත්සවයක් සහ වෙනත් අනුබද්ධ වැඩසටහන් ඇතුළත් දෙදින වැඩසටහනක් වශයෙන් එම සමුළුව සහ උළෙල පැවැත්වීමට අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා අමාත්‍යාංශ, රජයේ ආයතන, පෞද්ගලික අංශය, කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්, ශාස්ත්‍රීය ක්ෂේත්‍රය, සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය. 'Disrupt Asia - 2026' සමුළුව සහ උළෙල පැවැත්වීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපායමාර්ගික හවුල්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිය කැමැත්ත සහ සූදානම ප්‍රකාශ කර ඇත. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ කර ගනිමින් 'Disrupt Asia ‐ 2026' ජාතික තාක්ෂණ සමුළුව සහ නවෝත්පාදන උළෙල පැවැත්වීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම ඔක්තෝබර් මස 01 දින ළමා දිනය සැමරීම සිදු කරනු ලබයි. වර්තමානයේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්‍රදායික ළමා ආරක්ෂණ ගැටලු ඉක්මවා යමින් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත අවදානම්, මානසික හා සමාජයීය පීඩන, නොසලකා හැරීම සහ විවිධ සමාජ හා ආර්ථික අවදානම් තත්ත්වයන් දක්වා පුළුල් වී ඇති බව නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම, දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරින්, සේවා සපයන්නන්, පොදු මහජනතාව ඇතුළු දරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ගේ, ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුම්වත්භාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එබැවින්, ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුම්වත්භාවය ඉහළ නැංවීම, දරුවන් පිළිබඳ සමාජ සංවේදීතාව වර්ධනය කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, 2026-09-25 දින සිට 2026-10-01 දින දක්වා වන කාලය 'ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (SAARC) බලශක්ති මධ්‍යස්ථානය විසින් 2026‐10‐05 දින සිට 2026-10-07 දින දක්වා කාලය තුළ 'පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය ආකෘතිකරණය' යන තේමාව යටතේ පුහුණු වැඩමුළුවක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇත. එම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු SAARC සාමාජික රටවල්වලින් දෙදෙනෙකු බැගින් සහභාගි වීමට නියමිතය. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ බලශක්ති මධ්‍යස්ථානය විසින් ගුවන් ගාස්තු හැර අනෙකුත් සියලුම දේශීය ආගන්තුක සත්කාර පහසුකම් සහ ගුවන්තොටුපොළ ප්‍රවාහන පහසුකම් සපයා දීමට නියමිත වේ. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති ඇගයීම සහ මූල්‍ය ආකෘතිකරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින්ගේ හා අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා වැදගත් වන මෙම පුහුණු වැඩමුළුව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගන්නා ලදුව, එකී වැඩසටහන පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දක්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කරන ලදී. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 8 වන ආසියානු කලාපීය සමුළුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අග්නිදිග ආසියානු කලාපීය 3 වන ඒකාබද්ධ සමුළුව 2027 වර්ෂයේ අප්‍රේල්/මැයි මාසවලදී දින තුනක් පුරා කොළඹදී පැවැත්වීමට සලසුම් කරනු ලැබ ඇත. එම සමුළු සඳහා ආසියානු සහ අග්නිදිග ආසියානු කලාප තුළ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සාමාජික රටවල් නියෝජනය කරන කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරින් ඇතුළු නියෝජිතයින් 90දෙනෙකු පමණ සහභාගි වීමට නියමිතය. පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කරගැනීම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර පිළිගැනීම වැඩිදියුණු කරගැනීමට ඇති අවස්ථාවන් සැලකිල්ලට ගනිමින් එකී සමුළු ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සත්කාරකත්වය දැක්වීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2026 වර්ෂයේ යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 6,000ක් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති අතර, එම මුදල යොදා ගනිමින් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. එහෙත්, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්කවල සහ මහවැලි B, C හා H කලාපවල වී අස්වනු තවමත් නෙළා අවසන්ව නොමැති බැවින්, එම ප්‍රදේශයන්හි වී මිල දී ගැනීම සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය කර ඇත. එබැවින්, 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදනවලින් තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල්, ප්‍රතිපූරණය කිරීමේ පදනම මත වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. වර්තමාන ඉඩම් පරිහරණ රටාවන් අනුව බලපෑමට ලක්ව ඇති ජල මූලාශ්‍ර සංරක්ෂණය කර ගැනීමේ එක් පියවරක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වැව්වල සීමාවන් එම දෙපාර්තමේන්තුවේ මායිම් කණු යොදා නිශ්චිත ලෙස භූමියේ සලකුණු කිරීම සඳහා 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂයට අදාළව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන යොදා ගනිමින් වාර්මාර්ග දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025-06-16 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, විවිධ බලපෑම්වලට ලක් වෙමින් පවතින තෝරාගත් වැව් 21ක කාර්යයන් 2025 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර නුවර වැව, කන්තලේ වැව හා තිස්ස වැව යන වැව් 03ට අදාළ සීමාවන් සලකුණු කර මායිම් කණු යෙදීමේ කටයුතු එම වර්ෂයේදීම අවසන් කර ඇත. මීට අමතරව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වූ අදාළ ව්‍යාපෘති යෝජනාවේ ඇතුළත් වැව් 48න් වැඩ ආරම්භ නොකරන ලද ඉතිරි කාර්යයන් ඉදිරි වර්ෂවලදී අවසන් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, ඉතිරි වැව්වල මැනුම් කටයුතු සිදු කිරීම, මායිම් ගල් සැකසීම හා සවි කිරීම සහ රුක් රෝපණය ඇතුළුව 2025‐2028 කාලසීමාව වෙනුවෙන් සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 400ක් ලෙස ගණනය කරනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය තවදුරටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මුදුන් ඇළ උප ජලපෝෂක කලාපයට අයත් පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල සංවර්ධනය සඳහා දැඩි බලපෑමක් සිදු කරන වැසි ජලාපවහන ගැටලුව අවම කිරීමේ අරමුණින් 'මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් යෝජනා කර ඇත. 2023 වර්ෂයේදී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් සිදු කරනු ලැබ ඇති මුදුන් ඇළ ද්‍රෝණි කලාපයේ පූර්ව ශක්‍යතා අධ්‍යයනය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් 2024 වර්ෂයේදී සිදු කරනු ලැබ ඇති මුදුන් ඇළ ද්‍රෝණි කලාපයේ ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් මුදුන් ඇළ උප ජලපෝෂක ප්‍රදේශයේ පවතින වැසි ජලාපවහන ගැටලු සඳහා විසඳුම් ලබා දීමටත්, එමඟින් දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති/ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ජල ගැලීම්වලින් වන බලපෑම හා හානිය අවම කිරීමටත්, ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන ඉඩම් නිදහස් කර ගැනීමටත් අපේක්ෂා කරනු ලබයි. රුපියල් මිලියන 46,190.6ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ 'මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය' 2027-2036 කාලසීමාව තුළදී අදියරගතව ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. කුඹුරු ඉඩම් ගොඩ කරමින් පිළියන්දල - කැස්බෑව අතුරු මාර්ගය (මාර්ග අංක 120) ඉදි කිරීම, පිළියන්දල නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිළියන්දල බස් නැවතුම්පොළ ඉදි කිරීම ආදී පසුගිය දශකය තුළ පිළියන්දල ප්‍රදේශයේ මධ්‍යගතව සිදු කරනු ලැබ ඇති නාගරීකරණ ක්‍රියාකාරකම් හේතුවෙන් එම ප්‍රදේශයේ ස්වභාවික ජලාපවහන රටාවට අහිතකර බලපෑමක් එල්ල වී ඇත. එලෙස පහත් බිම් ගොඩ කිරීම හේතුවෙන් භූමියේ ස්වභාවික ජල රඳවා ගැනීමේ ධාරිතාව සැලකිය යුතු ලෙස අඩු වී මතුපිට ජලය ගලා යාම ඉහළ යාම සහ සුළු වර්ෂාපතනයකින් පවා ගංවතුර අවදානම් තත්ත්වයන් ඇති වීම සිදු වේ. එබැවින්, පවතින කාණු පද්ධතිය සංවර්ධනය කිරීම සහ ඇළ ඉවුරු සැකසීම, පවතින බෝක්කු ප්‍රතිසංස්කරණය සහ අලුතින් ඉදි කිරීම, ජල රැඳවුම් කලාප ඉදි කිරීම සහ ප්‍රදේශයේ පවතින පාරිසරික සංවේදි කලාප තෙත්බිම් ප්‍රදේශ ලෙස හඳුන්වා දීම සඳහා පිළියන්දල‐කැස්බෑව අතුරු මාර්ගය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වැසි ජලාපවහන පද්ධතිය සහ පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී දික්වැල්ල නගරයට ආසන්නව පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයක් වන වැවුරුකන්නල ප්‍රදේශය නිරන්තරයෙන් ජලගැලීම්වලට භාජනය වේ. බෙරුවල නම් වගුරු බිම ගොඩ කිරීම හා සැන්ඩිස් ඇළ නැමති ප්‍රධාන ඇළ දෙපස අවිධිමත් නාගරීකරණය නිසා ඇළ මාර්ග පටු වීම හේතුවෙන් නිසි පරිදි ජලාපවහනයක් සිදු නොවීම එකී ගැටලුවට ප්‍රධාන හේතුව වී තිබේ. එම තත්ත්වය මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් අදාළ ප්‍රදේශයේ ජල විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරනු ලැබ ඇති අතර, අදාළ ආයතන වෙතින් එම සැලසුම්වලට අදාළව නිසි නිර්දේශ සහ අනුමැතීන් ලබාගෙන ඇත. ඒ අනුව, දික්වැල්ල බෙරුවල වැසි ජලාපවහන පද්ධති හා පොදු පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 2,946ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2027-2030 කාලසීමාව තුළදී ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ පහත කාර්යයන් සිදු කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: බෙරුවල පහත්බිම් අක්කර 14ක පමණ ප්‍රදේශයක් ජල රැඳවුම් ප්‍රදේශයක් (වැවක්) ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීම. එම වැවේ කිලෝමීටර 1.8ක් පමණ දිගින් යුත් වැව් බැම්ම පෙරහැර මාවත ලෙස හා පොදු ජනතාවට ඇවිදින මං තීරුවක් ලෙස සැකසීම. මෙම ප්‍රදේශයේ එක් රැස් වන වර්ෂා ජලය වගුරු බිමේ සිට කලපුව දක්වා ගෙන යන සැන්ඩිස් ඇළ පුළුල් කර නඩත්තු මාර්ගයක් ද සහිතව කලපුව දක්වා සංවර්ධනය කිරීම. අතුරු ඇළ මාර්ගයක් ලෙස යෝජිත වැවේ සිට බෙලිඅත්ත විකල්ප මාර්ගය ඔස්සේ කලපුව දක්වා නව ඇළ මාර්ගයක් සැකසීම හා අනෙකුත් ද්විතීයික ඇළ මාර්ග සැකසීම. ඇළ හරහා පවතින මාර්ග සඳහා ඇති බෝක්කු හා වැව ආශ්‍රිත බෝක්කු වැඩි දියුණු කිරීම. යෝජිත ජලාශය අවට ප්‍රදේශයේ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි පොදු පහසුකම් සංවර්ධනය කිරීම. 2025 නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් බ්ලැක්පූල් - අඹේවෙල - පට්ටිපොළ - හෝර්ටන් තැන්න (B 512) (කිලෝමීටර 5+200 සිට කිලෝමීටර 12+000 දක්වා) මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Asset Engineering (Pvt) Ltd., වෙත රුපියල් මිලියන 791.68ක (බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ගුවන් සේවා මගී පද්ධති, පිටත්වීම් පාලන පද්ධති, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ හා ආසන වෙන් කිරීමේ පද්ධති, භාණ්ඩ කළමනාකරණ පද්ධති සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් පද්ධති ඇතුළු ගුවන් ගමන් සේවාවල ඉතා වැදගත් පද්ධති අතර සම්බන්ධතාව සඳහා සුරක්ෂිත, ඔරොත්තු දීමේ හැකියාව සහිත සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ගෝලීය ජාල යටිතල පහසුකම් වේදිකාවක් අවශ්‍ය වේ. ඒ අනුව, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා අදාළ සේවාවන් සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුවේ කාලය අවසන් වීම මත නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති එකම ලංසුකරු වන SITA Switzerland SARL වෙත 2026-10-01 දින සිට 2031-09-30 දින දක්වා වසර 05ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.01ක මුදලකට සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත ගෝලීය ජාල යටිතල පහසුකම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ජනතාවගේ ඉහළ යන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා රෝහල් ඇතුළු රජයේ බොහෝ සෞඛ්‍ය සේවා ආයතනවල පවතින බවට හඳුනාගෙන ඇති යටිතල පහසුකම් හිඟයන් මඟහරවා ගැනීම සහ අතිනවීන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් නවීන සෞඛ්‍ය සේවා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පහසුකම් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, 2025 හා 2026 වර්ෂයන්හිදී ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා අතරින් ව්‍යාපෘති යෝජනා 41ක් ඇගයීමෙන් අනතුරුව, 2027 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. 2027-2031 කාලපරිච්ඡේදයට අදාළ රාජ්‍ය ආයෝජන වැඩසටහනට එම ව්‍යාපෘති යෝජනා මේ වන විට ඇතුළත් කර තිබේ. එම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 39ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇති සූදානම සැලකිල්ලට ගෙන, 2027 අයවැය තුළින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එකී නව ව්‍යාපෘති 39 ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53වන වගන්තියට අනුව, ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා සහ එවැනි ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිණිස විධිවිධාන සලසනු ලැබ ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ. ඒ අනුව, ක්‍රමෝපාය වැදගත්කමක් සහිත ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට යෝජිත ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ඉදිරි වසර කිහිපයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 112.2ක සහ ශ්‍රී ලංකා රුපියල් බිලියන 15.9ක ආයෝජනයක් සිදු කිරීමටත්, කොළඹ වරාය නගරය තුළ සංධිස්ථානීය මිශ්‍ර භාවිත දිය අද්දර සංවර්ධන ව්‍යාපෘතියක් (Landmark mixed-use waterfront project) ක්‍රියාත්මක කිරීමටත්, ඒ හරහා පුද්ගලයින් 800කට පමණ රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන අනුගමනය කරමින් යෝජිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමටත්, එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2026-06-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

11 min11m
News First - සිංහල•දින 1කට පෙර
ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර සඳහන් කළේ, ඒ හේතුවෙන් පහත් බිමවල වෙසෙන ජනතාව මේ පිළිබඳ අවදානයෙන් කටයුතු කළ යුතු බවයි.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 13ක්
අස්වැසුම දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට

නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ, පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් නව ලක්ෂ 99,053කට හා දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් දෙලක්ෂ 13,335කට අදාල මුදල් එලෙස බැංකු ගිණුම්වලට බැරකරන බවයි. අදාළ ප්‍රතිලාභීන්ට තම මුදල් අනිද්දා සිට අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැකිවනු ඇති.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර
කෝටි 32ක කුෂ් ,කටුනායකදී අල්ලයි

- කටුනායක තොටුපොළේ අතහැර දමා ගොස් තිබූ ගමන් මලු දෙකක තිබී රුපියල් කෝටි 32ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අද(15) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසිනි. පොලීසිය සඳහන් කළේ, සුළං නොවදින ලෙස සකස් කළ පැකට් 60ක් තුළ එම කුෂ් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ බවයි. ඒවායේ බර කිලෝග්‍රෑම් 32.91කි. තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බව අනාවරණය වී තිබේ. පොලීසිය සැක පළ කරන්නේ ගුවන් තොටුපොළ තුළදී අත්අඩංගුවට පත්වීමේ බිය නිසා සැකකරු විසින් එම ගමන් මලු අතහැර දමා පලා යන්නට ඇති බවයි. ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දත්ත උපකාර කරගනිමින්, සැකකරු හඳුනා ගැනීමට මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 11ක්
2031 සිට සා.පෙළ විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්

ඒ, ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ද ඇතුළත්වයි. අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව දී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ. ඒ අනුව මෙය 2031 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව සඳහන් කළේ ය. ඒ අනූව යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිතයි. 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර් ඇතුළත් කිරීමත් එම ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක බව මෙහිදී අනාවරණය විය. මේ අතර අධ්‍යාපනයට සිදුකරන ආයෝජන ඔස්සේ, සමාජ පරිවර්තනයක් සිදුකළ හැකි අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය. අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි..

එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජයමාන්න පැවසුවේ, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි. නියඟය පවතින ප්‍රදේශ කිහිපයකටද අද දිනයේදී වැසි ඇතිවිය හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 16ක්ජනප්‍රිය
එයාර් බස් ගනුදෙනු නඩුවේ නාමල් සැකකාරයෙක්...

ඒ , නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුවයි. නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දුන්නේ ය. නීතිපති උපදෙස් සහ ඒකාබද්ධ විමර්ශනයක් අනුව එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසමෙන් පසුගියදා අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. ඔහු සැප්තැම්බර් 16 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (14) නියෝග කළේ ය.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර
පුෂ්පිකාගේ නඩුවේ, තීන්දුව ලබා දෙයි...

නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ප්‍රකාශයට පත් කළේ ය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසූවේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත වී ඇති බවයි. එම නිසා විත්තිතාරියන් නඩුවෙක් නිදහස් කරන බව, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. සිද්ධියට අදාළව මේ වන විට මියගොස් සිටින නිරූපණ ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් වෙනුවෙන් , ඇයගේ ඇපකාරිය අධිකරණයේ හමුවේ පෙනී සිටියාය. 2021 වසරේ ලෝක විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැලැඳූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක් වූ කැරොලයින් ජූරි හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව පුෂ්පිකා ද සිල්වා මෙම නඩුව ගොනුකර තිබිණි.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 2ක්
දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි...

අද (14) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස, අවුරුදු 81 කි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ඨ ශ්‍රේණියේ ජන ගී ගායිකාවක වූ ඇගේ උපත සිදුවෙන්නේ, 1934 වසරේ සැප්තැම්බර් 27 වැනිදායි. නරි බෑණා වේදිකා නාට්‍යයේ වසර 40 ක් පසුබිම් ගී ගායනා කර ඇති ඇය, "ගජමන් පුවත", "පද්මාවතී", "ජසයා සහ ලෙංචිනා" නාට්‍යවල ද ගීත ගායනා කළාය. ප්‍රවීණ ජන ගී හා විරිඳු ගායකයෙකු වූ සේන ෆොන්සේකා සමග අතිනත ගෙන සිටි ඇය, දරුවන් තුන්දෙනෙකුගේ මවක්. සේන - දයා යුවළ විරිඳු ගායනා නොකළ වෙසක් තොරණක්, එකල නොතිබූ තරම්. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (16) හවස 6 ට, කොහුවල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දේහය, අද පස්වරුවේ සිට මහජන ගෞරවය සඳහා කොහුවල රත්නාවලී පාරේ නො.8 නිවසේ තැන්පත් කර තැබේ.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර
100mm ඉක්මවූ වැස්සක්! - කාලගුණයෙන් අනාවැකි...

හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළේ උස, මීටර 2 ත් 3 ත් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ, මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර
කොකේන් ගිල මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු අල්ලයි..

ඒ, උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා, කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (13) අලුයම දිවයිනට පැමිණි අවස්ථාවේදීයි. රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරු මත සැකකරු පරීක්ෂාවට ලක් කර තිබිණි. එහිදී ඔහු ගිල දැමූ කොකේන් ගුලි 13 ක් සොයාගත් බව, රේගුව සඳහන් කළේ ය. ග්‍රෑම් 161 කට ආසන්න බරකින් යුත් ඒවායේ ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 7.245 ක් පමණ වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයයි. තවත් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි ගිල දමා ඇති බවට වන සැකය මත, සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර
යාල වනෝද්‍යානයේ කලාප දෙකක් වසා දැමේ...

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ, නිවුස්ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, එල්නිනෝ කාලගුණ තත්ත්වයෙන් සතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති බවයි.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 7ක්
විදේශ ඇමති අද තායිලන්තයට...

ඒ, තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි. එම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා, තායිලන්ත කම්කරු අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති. කම්කරු සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සහ තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුම අත්සන් කිරීමෙන්, දෙපාර්ශ්වයේම කම්කරු ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 2ක්
පළාත් හතක, අද සිට විශේෂ මදුරු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, එම පළාත්වල ඩෙංගු මදුරු කීටයින් බහුලව වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක බවයි.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 15ක්
රුමේෂ් තරංගට තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක්...

ඒ, මීටර 91.09ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. රුමේෂ් සිය ප්‍රතිවාදීන් ලෙස පරාජයට පත්කළේ, ග්‍රෙනාඩාහි ඇන්ඩර්සන් පීටර්ස්, ජර්මනියේ ජූලියන් වෙබර් වැනි ක්‍රීඩකයිනි. පළමු වරට සංවිධානය කළ වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැත්විය.

1 min1m