අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

News First - සිංහල

News First - සිංහල පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. newsfirst.lk

News First - සිංහල•පැය 19කට පෙර•මූලාශ්‍ර 11ක්ජනප්‍රිය
මරදානදී විදෙස් ජාතිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට.

පොලීසිය පැවසුවේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කළ වැටලීමකදි ඉන්දියන් ජාතිකයින් 3 දෙනෙකු බංග්ලාදේශ ජාතිකයින් 6 දෙනෙකු හා චීන ජාතිකයින් 12 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. වලංගු වීසා බලපත්‍ර නොමැතිව, ගොඩනැගිල්ලක් තුල නීති විරෝධීව මෙරට රැඳී සිටිමේ චෝදනා මත අදාල පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් අද(03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

1 min1m
News First - සිංහල•පැය 22කට පෙර
කිසිදු පොහොර හිඟයක් නැහැ:නි. ඇමතිගෙන් සහතිකයක්
1 min1m
News First - සිංහල•පැය 23කට පෙර
කහටගස්දිගිලියේදී ඇතෙකු මියයාම ගැන විමර්ශන CID යට.
1 min1m
News First - සිංහල•පැය 23කට පෙර•මූලාශ්‍ර 18ක්
ත්‍රීකුණාමලයේ වෙඩි තැබීමක් : පුද්ගලයෙකු මරුට

පොලීසිය පැවසුවේ, ඊයේ(02) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 02කු ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර තුවාල ලැබූවන් අවුරුදු 28 සහ 38 යන වයස්වල පසුවෙයි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසය පවසයි පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවයි.

1 min1m
News First - සිංහල•පැය 23කට පෙර•මූලාශ්‍ර 10ක්ජනප්‍රිය
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තාක්ෂණික අංශයේ නිළධාරින් එම ප්‍රදේශයට ගොස් ඇතැයිද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

1 min1m
News First - සිංහල•පැය 23කට පෙර•මූලාශ්‍ර 30ක්
අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ධිවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙන්නේ, උතුරු අක්ෂාංශ 10 - 17ත් සහ නැගෙනහිර දේශාංශ 80 - 85ත් අතර මුහුදු ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි. පවතින වර්ෂාපතනයත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැදුරු ඔය ජලාශයෙහි පහළ ප්‍රදේශයේ ගංගාව දෙපස පදිංචි ජනතාවට දැනුම් දෙන්නේ, නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.

1 min1m
News First - සිංහල•පැය 23කට පෙර•මූලාශ්‍ර 8ක්ජනප්‍රිය
අග්‍රාමාත්‍ය හරිනි අද Chogm සමුළුව ඇමතීමට නියමිතයි

28 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මේ වන විට පැවැත්වෙන්නේ, ඇන්ටිගුවා හා බාබියුඩාහි ශාන්ත ජෝන්ස් නුවරදීයි. මෙවර එය පැවැත්වෙන්නේ, "සෞභාග්‍යමත් පොදු රාජ්‍ය මණ්ඩලයක් සඳහා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම" යන තේමාවෙනි. සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල් 56 රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සහභාගී වෙයි. සමුළුව අතරතුරදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ විධායක සැසිවාරවලට සහ රාජ්‍ය නායකයින්ගේ විශේෂ හමුවට සහභාගී වීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයට ද සහභාගී වීමට නියමිතයි.ත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අද(03) පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ. 28 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මේ වන විට පැවැත්වෙන්නේ, ඇන්ටිගුවා හා බාබියුඩාහි ශාන්ත ජෝන්ස් නුවරදීයි. මෙවර එය පැවැත්වෙන්නේ, "සෞභාග්‍යමත් පොදු රාජ්‍ය මණ්ඩලයක් සඳහා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම" යන තේමාවෙනි. සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල් 56 රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සහභාගී වෙයි. සමුළුව අතරතුරදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ විධායක සැසිවාරවලට සහ රාජ්‍ය නායකයින්ගේ විශේෂ හමුවට සහභාගී වීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයට ද සහභාගී වීමට නියමිතයි.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
දීග දන්තු එක හස්තියා මරා දැමීමට එරෙහි නඩුව

ඒ , මෙම සිද්ධිය අදාළ නඩුව කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීයි. සැකකරු අත්අඩංගුවට ගෙන මසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව පසුව මේ වන විට ඇප මත මුදා හැර සිටී. විදුය සැර වද්දවා මරා දූමුණු දිග දන්තු එක හස්තියා, අඩි 6 යි අගල් 2 ක පිරිපුන් දළ යුගලක් හිමිවුණි. දීග දන්තුගේ මරණ පරීක්ෂණයේදී තහවුරු වුණේ, අධික විදුලි සැර ස්පර්ශ වීමෙන් හෘදය වස්තුවට ඇති වූ කම්පනය හේතුවෙන් මරණය සිදුව ඇති බවයි

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 4ක්
නඩුවකට නාමල්ට හම්බන්තොට අධිකරණයෙන් කැඳවීමක්

මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර නියෝග කලේ නඩුව හම්බන්තොට මහාධිකරණය වෙත යොමු කර සැකකරුවන්ට අධි චෝදනා ලබාදීම ලබන 16 වැනිදා සිදු කරන ලෙසටයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතළිස් එක් දෙනෙක් මෙම නඩුවේ සැකකරුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර,ප්‍රසන්න රණවීර,පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න යන විත්තිකරුවන් 35 දෙනෙකු අද අධිකරණයේ පෙනී සිටියේය. වසර දහයකට ආසන්න කාලයක් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මෙම නඩුව හම්බන්තොට දිසා මහෙස්ත්‍රත් අධිකරණයෙන් අවසන් කර මහාධිකරණය වෙත යොමු කිරීමට පියවර ගත් බව හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී සදහන් කළේය. බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ බන්ධනාගාරය මගින් ලබන 16 වෙනි දින චෝදනා භාර ගැනීම සඳහා මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 12ක්
අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහි බැඳුම්කර නඩුව ජනවාරි 28

ආන්දෝලනාත්මක නඩුවක් වන මෙය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන්නේ වසර හතකට පමණ පසුවයි. 2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මෙම නඩුව අද කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි. එහිදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්‍රි ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. අධිකරණය තීරණය කළේ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමටයි. මෙම නඩුකරයට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව මෙහිදී ඇතැම් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල , නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරාට නියම කළේ, ඊළග නඩු දිනයට පෙර විත්ති පාර්ශවය වෙත අවශ්‍ය කරන ලේඛන ලබා දීමට පියවර ගන්නා ලෙසයි. ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා 2027 ජනවාරි මස 28 වන දා කැඳවන ලෙස නියම කෙරුණි. මෙම නඩුකරයේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ, පී. ගුණවර්ධන යන නම් කර තිබේ.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 4ක්
ශෙවාන් ඩැනියල් ABU උප සභාපති ධුරයට

එම සංවිධානයේ වසර 63ක ඉතිහාසය තුළ ශ්‍රී ලාංකිකයෙකු මෙම තනතුරට තේරී පත්වූ පළමු අවස්ථාව මෙයයි. ලොව විශාලතම මාධ්‍ය සංසදය වන ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට රටවල් 66ක සාමාජිකයින් ඇතුළත් ය. එම රටවල ප්‍රමුඛ පෙළේ විද්‍යුත් විකාශන සහ මාධ්‍ය ආයතන 225ක් සංගමය නියෝජනය කරයි. රූපවාහිනී, ගුවන්විදුලි සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛ ආයතන රැසක් ඒ අතරට අයත් ය. සංගමයේ නව සභාපති ලෙස තේරී පත් වුණේ ජපානයේ NHK ආයතනයේ යමානා හිරෝ.. සංගමයේ උප සභාපති ධූරයට කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල්ගේ නම යෝජනා කළේ ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම විකාශන ආයතනයක් වන ඔස්ට්‍රේලියානු විකාශන සංස්ථාව හෙවත් ABC Australia ආයතනයයි. ජපානයේ ජාතික විකාශකයා වන NHK ආයතනය, එම යෝජනාව ස්ථිර කළේ ය. අනතුරුව සභාව අමතමින්, නව උප සභාපතිවරයා සඳහන් කළේ මෙය මුළු ශ්‍රී ලංකාවටම වැදගත් අවස්ථාවක් බවයි. ශෙවාන් ඩැනියල් - උප සභාපති ආසියා ශාන්තිකර විද්‍යුත් විකාශකයින්ගේ සංගමය

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 5ක්
2025 උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති..

රටේ අනාගත මානව සම්පත ලෙස ඔවුන් සිදුකර ඇති කැපවීම සහ ජයග්‍රහණ අගයමින් දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඒ අනුව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් විසිදෙනෙකු බැගින් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, එම සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මූල්‍යාධාර සමග ඇගයීම් සහතික පත්‍රයක් පිරිනැමිණි. මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, "පළමුව රටේ ජනතාව" යන රජයේ ප්‍රතිපත්තිය අනුව අද වන විට ජනාධිපති අරමුදල ද ජනතාව වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවයි. මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, ඉහළ විනයකින් යුතුව රට මෙහෙයවීමේ වගකීම උගත් හා බුද්ධිමත් පිරිසක් වෙත පැවරෙන පරිදි පාර්ලිමේන්තුව සකස් වී ඇති බවත්, නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබන සිසු පරපුර දැනුමෙන් මෙන්ම යහගුණයෙන්ද පෝෂණය වී, තමන් ලැබූ දැනුම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදාගැනීමටත්, අනාගත නායකත්වයේ වගකීම භාරගැනීමටත් පෙරට පැමිණිය යුතු බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය. මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, අධ්‍යාපනය යනු දරුවෙකුට හුදෙක් දැනුම ලබාදීමකට පමණක් සීමා නොවන බවයි. සමාජයේ අනෙකුත් පුද්ගලයන් සමඟ සහයෝගයෙන් ජීවත් වීමටත්, පරිසරයට ආදරය කිරීමටත්, ආගමික සහ සංස්කෘතික විවිධත්වයන් ඉවසමින් ඒවාට ගරු කිරීමටත් දරුවන් හුරු කිරීම මෙන්ම මානව වටිනාකම්වලින් පිරිපුන් පුරවැසියන් බිහි කිරීමද අධ්‍යාපනයේ අරමුණු අතර වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂමතා ඉවත් කරමින් සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් සහ සමාන අධ්‍යාපන අවස්ථා උදාකරදීම වත්මන් රජයේ අපේක්ෂාව බව සඳහන් කළ අමාත්‍යවරයා, එම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජනාධිපති අරමුදල ලබාදෙන දායකත්වයද අගය කළේය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙහිදී අදහස් දැක්වීය. සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්,රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පත්මකුමාර සුභසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රාජපක්ෂ,නිලූශා ලක්මාලි ගමගේ, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු මහජන නියෝජිතයෝද, අදාළ දිස්ත්‍රික් ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන්ද, ගුරවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ඒක්ව සිටියහ.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 9ක්
සෞ.නි.කොට්ඨාශ 74ක මදුරු කීට ඝණත්වය ඉහළට.

එහි වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, කීට විද්‍යා දත්ත වැඩිවීම මත අදාල ප්‍රදේශ ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි. එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ලබන 9 වැනිදා සිට 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් ක‍ළේ ය.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 23ක්
දුම්බර බන්ධානාගාරයේදී මියගිය රැඳවියා ගැනවිමර්ශනයක්

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරයේ තාප්පයෙන් පලායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එම රැඳවියා මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට දින 10 කට පෙර බන්ධනාගාර ගතවූ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රැඳවියෙක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

1 min1m
News First - සිංහල•දින 1කට පෙර
ඇතෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙයි...

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පැවසුවේ, එම ඇතා මීට දින 7 කට හෝ 8 කට පෙර මියගොස් ඇති බවට සැකකෙරෙන බවයි. මියගිය ඇතාගේ එක් දළයක් අතුරුදන්ව ඇතැයි ද News1st කළ විමසුමකදි වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 19ක්
'මුරසු' සුළි කුණාටුව චණ්ඩවන ලකුණු...

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර් 60 - 70ත් දක්වා ඉහළ යා හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ඒ හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි. 'මුරසු' සුළි කුණාටුව මේ වන විට පවතින්නේ, කන්කසන්තුරයේ සිට කිලෝමීටර 480ක් පමණ දුරිනි. එය අද(02) මධ්‍යම රාත්‍රියත් හෙට(03) අළුයමත් අතර කාලයේ නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින්, ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ප්‍රබල සුළි කුණාටුවක්ව ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කළ හැකියි. වර්ෂාධික කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 19ක පුද්ගලයින් 21,356 දෙනෙකු පීඩාවට පත්ව සිටියි. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 5,800ක් ඒ අතර වන බවයි. අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර අතුරුදන්ව සිටින සංඛ්‍යාව ද 03ක්. නිවාස 8කට පූර්ණ හානි සහ තවත් නිවාස 737 කට අර්ධ හානි සිදුව තිබේ.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 9ක්
MTV මාධ්‍ය ජාලය විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් ABU හි 63 වැනි මහා සමුළුව ඊයේ (01) කොළඹ Cinnamon Life at City of Dreamsහිදී පැවැත්විණි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රටවල් හා කලාප 70 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරන ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය විද්‍යුත් මාධ්‍ය ආයතන 230 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන අතර එම නියෝජිතයින් තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ABU මහලේකම් අහමඩ් නදීම් , මහලේකම් කාර්යාල ප්‍රධානී නර්ගීසා නුමනෝවා ඇතුළු නියෝජිතයින් ද ඒ අතරට අයත්. සාමය සහ මානව වර්ගයා වෙනුවෙන් මාධ්‍ය, සත්‍ය, විශ්වාසය සහ පරිවර්තනය යන්න මෙවර සමුළුවේ තේමාවයි. ලොව විශාලතම මාධ්‍ය සංසදය වන ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහ සමුළුව සඳහා සත්කාරකත්වය දැරීමේ වගකීම පැවරෙන්නේ සාමාජිකයින්ගේ බහුතර එකඟත්වයෙන්. ඒ අනුව මහා සමුළුව මෙරට පැවැත්වීම සඳහා පෞද්ගලික මාධ්‍ය ජාලයක් ලෙස සිරස මාධ්‍ය ජාලයට හැකිවීම සුවිශේෂී කරුණක්. මයිස් ටුවරිසම් හෙවත් "රැස්වීම්, දිරිගැන්වීමේ සංචාර, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන" යන මූලික සංකල්පය ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ පරමාර්ථයයි.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 26ක්
ඉන්ධන මිල සංශෝධනය කෙරේ...

නව සංශෝධන අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.10 කින් ඉහළ දමා ඇති අතර එහි මිල රුපියල් 424ක් වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් මිල ඉහළ දමා ඇත්තේ රු.15 කිනි. ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 490ක් ලෙසයි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.05 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 15 කින් ඉහළ දමා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 397ක් ලෙස සහ ඩීසල් ලීටරයක මිල 543ක් ලෙස සටහන් වේ. සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 12ක්
අතුරුදන් වූ ධීවරයන් 4 දෙනා නිරුපද්‍රිතව මුදාගැනේ

ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් ගැඹුරු මුහුදේදී යාත්‍රාව සොයාගත් බවයි. නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ ගුවන් හමුදාව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමේදී ඔවුන් සොයා ගැනුණි. අදාළ ධීවරයින් පිරිස රැගත් යාත්‍රාව, ඔර්නබ් සුළි කුණාටුවට මැදිව සංඥා පද්ධතියෙන් ගිලිහී අතුරුදන් වුණේ, පසුගිය 21 වැනිදායි. යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන එම ධීවරයින්, ගොඩබිමට රැගෙන එමින් ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර, අතුරුදන්වූ ධීවරයින් සොයා දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ විරෝධතාවක ද නිරත වුණි. ඒ, මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගය කුඩාවැල්ල මංසන්ධියෙන් අවහිර කරමින්.

1 min1m
News First - සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 14ක්
හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්

2019 සහ 2020 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිට, 2023 වර්ෂයේදී දිවයින පුරා පිහිටි හෙද විදුහල් 16ට ඇතුළත්ව වසර තුනක උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ හෙද නිලධාරීන් 2,819 දෙනෙකු මෙලෙස පත්වීම් ලැබූහ. මෙලෙස පත්වීම් ලබන හෙද නිලධාරීන් දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය. මෙම පත්වීම් ලිපි ප්‍රදානයට සමගාමීව රෝහල් සේවයේ නිරත පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) 76 දෙනෙකු විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) ලෙස උසස් කිරීමට අදාළ උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා රෝහල් පද්ධතියේ පවතින කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගනිමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් පුරප්පාඩු පියවීමේ කටයුතු කඩිනම් කර ඇති බවයි. 2017 වසරෙන් පසුව හෙද සේවයේ පුරප්පාඩු පියවීම සඳහා අමාත්‍යාංශය මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඉදිරි දස වසර (2025-2035) සඳහා වූ සෞඛ්‍ය ප්‍රතිපත්තියට සහ උපායමාර්ගික සැලසුම්වලට අනුව, විද්‍යානුකූල දත්ත පදනම් කර ගනිමින් අවශ්‍ය කාර්ය මණ්ඩලය පුරෝකථනය කර ඇති බවත්, ඒ අනුව 2027-2029 වසර තුන සඳහා හෙද සේවයට 13,000ක මානව සම්පතක් බඳවා ගැනීමේ කටයුතු මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ සූදානම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1 min1m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1අද (04) දවසේ වැසි තත්වයමූලාශ්‍ර 6ක්
  2. 2පිරමීඩ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවටමූලාශ්‍ර 4ක්
  3. 3මාස පඩිය 140K හොන්ඩා වෙසල් එකේ ලීසිං 132k - CI වරුණි බෝගහවත්ත රිමාන්ඩ්මූලාශ්‍ර 16ක්
  4. 4ගෑස් එන්නේ 12 වැනිදා... නැවු තුනක් මග එනවා...- ලාෆ් ගෑස්මූලාශ්‍ර 8ක්
  5. 5'TIN අංකයක් තිබූ පමණින් සියලු දෙනා බදු ගෙවිය යුතු නැහැ'මූලාශ්‍ර 19ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය

වෙනත් පුවත් ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Fact Crescendo සිංහල
  • Gossip Lanka News
  • Hiru Gossip
  • Hiru News - Sinhala
  • IRI News
  • ITN News
  • Lanka C News
  • Lanka News Web සිංහල
  • Lanka Truth
  • Mawrata News සිංහල
  • Neth News
  • News.lk
  • NewsWire සිංහල
  • Sri Lanka Cricket
  • TechNews.LK
  • ThePapare Sinhala
  • What News
  • අද දෙරණ
  • ගගන
  • දිනමිණ
  • දිවයින
  • මව්බිම
  • ලංකාදීප
  • සියත නිව්ස්
  • සිළුමිණ