කඩවත ගෝන හෙන ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ තිරෝධ රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්රහාර ප්රහාරවලින් පාසල් සිසුවෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව කඩවත පොලිසිය පවසයි.

ලංකාදීප පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. lankadeepa.lk
කඩවත ගෝන හෙන ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ තිරෝධ රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්රහාර ප්රහාරවලින් පාසල් සිසුවෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව කඩවත පොලිසිය පවසයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්රිත මුහුදු ප්රදේශයේ පැවති හොදින් පැහැදිලිව පවතින අඩු පීඩන කලාපය, මේ වන විට ' පීඩන අවපාතයක ' (depression) දකවා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එළැඹෙන අයවැය ලේඛනයේදී ආදායම් ඉලක්කයන්ට තර්ජනයක් එල්ල නොවන විදියට යම් බදු ප්රමාණයක් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

2026 පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළින් ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්යයේ ශාන්ත ජෝන්ස් නගරය බලා පිටත්ව ගියාය.

නුවරඑළිය නානුඔය බ්ලැක්ෆූල් ප්දේශයේ ගාල් කර තිබූ වෑන් රථයක් පැහැර ගනිමින් සිටි සැකකරුවෙකු නානුඔය පොලිසිය විසින් (30) දින රාත්රීයේ සැකපිට අතඅඩංගුවයට ගෙන ඇත.

පරිවර්තනයට අකමැති පැරණි දේශපාලන නෂ්ඨාවශේෂ මොනවා කරන්නදැයි හිතාගන්න බැරිව මනස වියවුල් බවට පත් වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික විද්වත් සමුළුව අමතමින් අද පැවසීය.

ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) නිකුත් කර ඇති නිල වාර්තාවලට අනුව, 2020 වසරේ සිට 2025 වසරේ මැයි මාසය දක්වා කාලයේදි පමණක් 79 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියේ තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීමෙන් රුපියල් කෝටියක පමණ අලාභයක් සිදුව අැතැයි පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරැ අනාවරණය විය.

විවිධ අපරාධ සහ වෙනත් නීති විරෝධී ක්රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා සිටින සැකකරුවන්ට පහරදීම් සිදු කළහොත් ඒවායේ වගකීම අනිවාර්්යයෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා බාර ගතයුතු බවට දැනුම්දී ඇත.

රට පුරා පසුගිය 17 වැනි දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කරනු ලැබීය.

වලාන මධ්යම දූෂණ ප්රහාරක බළකාය නිලධාරීන් ඇතුළු පරිගණක විශේෂඥයෝ කණ්ඩායමක් නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට පෙරේදා (29) හදිසියේ කඩා පැන පුරා පැය 24 කට අධික කාලයක් තිස්සේ එහි පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ලම පිටපත් කරගත්හ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්රී ලංකා මානව සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා පත් කරනු ලැබ තිබේ.

පොලොන්නරු අධිකරණ ශාලාවේ තිබූ නඩු වාර්තා 12 ක් හා අධිකරණය භාරයේ තිබූ රියැදුරු බලපත්ර 13 ක් සොරකම් කළ බව කියන මහ ඔය පොලිසියේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්රිකකය ආශ්රිත පාරිසරික හානි නතර කිරීමටත් අවශ්ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජාතික ජනබලවේගය පක්ෂයට බලය හිමි පඩුවස්නුවර ප්රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණ අයවැය පරාජයට පත්විය.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්රතිව්යුහගත කරමින් මිලේනියම් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්රකාශයට පත් කරනු ලැබීය.

හාලිඇල උඩුවර කන්දේ ගල්පර්වත උඩුවර 7කනුව නවකොලනිය ගම්මානයට කඩාවැටීමෙන් නිවසකට අලාභහානිවී ඇති අතර නවකොලනිය ගම්මානයේ පවුල් 15ක සාමාජිකයන් 46ක් නිවෙස්වලින් අද පස්වරුවේ ඉවත් කළ බව හාලිඇල ප්රාදේශීය ලේකම් නිර්මලා කුමුදුනී මහත්මිය පැවසුවාය .

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වුණොත් දිනනවා යැයි සමහරු කියන නමුත් එහෙම දෙයක් වන්නේ නැතැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා එජාප කෘත්යාධිකාරී මණ්ඩලය අමතමින් අද පැවසීය.

ලොව විශාලතම ඩිජිටල් මුදල් හුවමාරු සමාගම වන 'බිනෑන්ස්' සමාගමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 6.3 ක අතිවිශාල ඩිජිටල් වත්කම් ප්රමාණයක් සොරකම් කර ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කළේය

කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සංශෝධනය කිරීම සඳහා විපක්ෂයට ලබා දී තිබූ කාලය අවසන් ව ඇත.
