ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් මාසයේ දි පාකිස්තාන තරග සංචාරයක යෙදීමට නියමිතයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් මාසයේ දි පාකිස්තාන තරග සංචාරයක යෙදීමට නියමිතයි.

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වන් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වය පසුගියදා නම් කළා. එම තරගාවලියේ කාන්තා ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු නම් කර ඇති අතර පිරමි ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චි නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Tamil Union C & AC කණ්ඩායම සහ SSC කණ්ඩායම අතර අද (16) රාත්‍රී 7.00ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් 14ක් සහභාගී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා කොළඹ දී අවසන් වූයේ තරග 45ක දී ශතක 20ක් සහ අර්ධ ශතක 85ක් සමඟින් ලකුණු 18832ක් ද සහ කඩුලු 695ක් ඉතිහාසයට එක් වෙමිනුයි.

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ (15දා) සමත් වෙනවා.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය අනිද්දා (15) ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවැත්වූ Cricket Chat වැඩසටහන.

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ හෙට (15) සිට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ දෙවැනි පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් 2026 වසරේ ශූරයන් බවට පත් වීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, තමන් සහභාගී වූ 2 වැනි පුහුණු විස්සයි විස්ස තරගයෙනුත් එංගලන්ත Lions කණ්ඩායම හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 9ක පරාජයකට ලක් වීමට සිදු වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Tamil Union C & AC කණ්ඩායම සහ SSC කණ්ඩායම (13දා) සමත් වුණා.

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 72ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ සිව් වැනි වතාවටත් ආසියානු ශූරියන් බවට පත් වුණා.

සලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරියන් වූ අභිමානයත් සමඟිනුයි.

පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී පැරා අංශයෙන් කවපෙත්ත විසි කිරීම තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්, පාලිත බණ්ඩාර Sports Unplugged වැඩසටහන සමඟ එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.

රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කොළඹ 7, SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගත් Moors SC ක්‍රීඩකයෝ එම කුසලානය ප්‍රථම වතාවට බ්‍රේබෲක් පෙදෙසට රැගෙන ගියා.

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. ආසන්නත ම වසරේ ශූරියන් ලෙසින් මෙවර තරගාවලියට එක් වූ ඔවුන් පාකිස්තානය හා සමඟ (11දා) පැවැති තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වීමට සුදුසුකම් ලබා ගන්නේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් කිරීමට යෝජිත අගෝස්තු මාසයේ ක්‍රීඩකයා අතරට ශ්‍රී ලංකාවේ මැද පෙළ වමත් පිතිකරු 25 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ ගේ නමත් එක් ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ Galle CC සහ Army SC කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය (11දා) කොළඹ Bloomfield ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11) කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග හෙට (11) ආරම්භ වීමට නියමිතයි. මෙම තරග සංචාරය සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වෙන අතර ඊට අමතර ව පුහුණු විස්සයි විස්ස තරග ද්විත්වයක් ද ඇතුලත්.
