ආබාධ සහිත වූවන්ගේ ගමනාගමනයට 'පතුල පහළ බස්' රථ 10ක් ගේනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පසුගියදා (03) හොරණදී ප්‍රකාශ කළේ, 2026 වසර වන විට මෙරට ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිපදවූ 'පතුල පහළ බස්' (Low Flow bus) රථ දහයක් ජාතික ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවය