ජනපති සමඟ පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක්
බන්ධනාගාර ගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ නියෝජිත මහාසංඝරත්න සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මල්වතු මහාවිහාර පාර්ශ්වය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින නෛතික රාමුව තුළ බරපතල වැඩ සහිතව වසර 03 කට වැඩි කාලයක් සිරගතකිරීමකට නියම කරන ලද භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් බැහැරට චීවරය සහිතව රැගෙන යාම [...]
