අනං මනං කියලා හරියන්නේ නෑ... නිදහස් කරන්නනේ තියෙන්නේ.. මිනිස්සු කලබල වෙලානේ ඉන්නේ..- ඤාණසාර හිමි ගැන අස්ගිරි මහ නාහිමි
බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අනෙකුත් නීති රීති හෝ චක්රලේඛ සංශෝධන ඉදිරිපත් කිරීම පසෙකලා උන්වහන්සේ වහා නිදහස් කිරීමට පියවර ගත යුතු බවත්, මේ වන විට රටේ ජනතාව කලබලයට හා නොසන්සුන්තාවට පත්ව සිටින බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකගොඩ ශ්රී ඥානරතන මහානාහිමිපාණන් වහන්සේ අවධාරණය කළහ. බන්ධනාගාර කොමසාරිස් මෙන්ම ඇතුළු ජ්යෙෂ්ඨ බන්
