චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට - පවන් විස්සයි-20 සංචිතයට
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් තරග වදිනු ලබන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩක මැද පෙළ පිතිකරු පවන් රත්නායකව විස්සයි-20 කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළ තිබේ. උණ රෝගයෙන් පෙළෙන නායක චරිත් අසලංක වෙනුවට 23 හැවිරිදි යෞවනයා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. කෙසේ වෙතත් අසනීප තත්ත්වයේ පසුවන චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු [...]
