2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට - පවන් විස්සයි-20 සංචිතයට
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් තරග වදිනු ලබන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩක මැද පෙළ පිතිකරු පවන් රත්නායකව විස්සයි-20 කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළ තිබේ. උණ රෝගයෙන් පෙළෙන නායක චරිත් අසලංක වෙනුවට 23 හැවිරිදි යෞවනයා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. කෙසේ වෙතත් අසනීප තත්ත්වයේ පසුවන චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු [...]
சுருக்கம்
පාකිස්තානයට එරෙහිව ඉකුත් ඉරිදා (16 වැනිදා) සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගිවුණු පවන් රත්නායක, ලකුණු 32 ක් වාර්තා කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමෙන් පසු ඔහු පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ. කෙසෙ වෙතත් පවන්ගේ දේශීය අන්තර් සමාජ විස්සයි-20 තරග වාර්තා ගත් විට ඔහු එතරම් කැපී පෙනෙන දස්කම් දක්වා නොමැති බව පෙනී යයි. ඔහුගේ ලකුණු රැස් කිරීමේ වේගය 101.23 ක් ලෙස සටහන් වේ.

