මූලාශ්‍ර 11ක් යාවත්කාලීන විය
එයාර්බස් අල්ලස් හෙළිකළ විශේෂඥවරිය සාක්ෂිදීමට මෙරටට
- එයාර්බස් සමාගම සම්බන්ධයෙන් ලොව පුරා සිදුකළ දැවැන්ත අල්ලස් හා දූෂණ විමර්ශනයට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් ප්‍රංශ ජාතික අධිකරණ ගිණුම් විමර්ශන විශේෂඥවරියක, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. යූස්ර් ඛලීල් (Yousr Khalil) නම් ඇය, Forensic Risk Alliance (FRA) ආයතනයේ හවුල්කාරිනියක වන අතර එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. අදාළ නඩුවේ පැමිණිල්ල විසින් නම් කර ඇති ප්‍රධාන සාක්ෂිකරුවන් අතර ඇය ද සිටින බව වාර්තා වේ. එයාර්බස් සමාගම සම්බන්ධයෙන් වසර හතරකට ආසන්න කාලයක් පුරා රටවල් කිහිපයක ගුවන් යානා අලෙවි ගනුදෙනු ආශ්‍රිතව සිදුකළ ජාත්‍යන්තර විමර්ශනයේදී යූස්ර් ඛලීල් මහත්මිය ප්‍රධාන භූමිකාවක් ඉටු කර තිබේ. ඇය සමග එයාර්බස් සමාගමේ උප සභාපති කාල් හෙනසී (Karl Hennessee) ද මෙම නඩුවේ තවත් ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහයෝගයෙන් සිදුකළ එම විමර්ශනයේදී ගුවන් යානා අලෙවි ගනුදෙනු සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රියාත්මක වූ බව කියන නීතිවිරෝධී මුදල් ගෙවීම් ජාලයක් අනාවරණය කරගෙන තිබේ. එම ජාත්‍යන්තර විමර්ශනයේ ශ්‍රී ලංකාවට අදාළ කොටස කේන්ද්‍රගත වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වටිනා එයාර්බස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමට යෝජනා වූ ගනුදෙනුවක් සම්බන්ධයෙනි. එම ගනුදෙනුවට අදාළව එවකට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා ඇමරිකානු ඩොලර් මිලියන 16ක කොමිස් මුදලක් ලබාගැනීමේ එකඟතාවකට පැමිණි බවට විමර්ශකයින් චෝදනා කර තිබේ. එම ගනුදෙනුවට සම්බන්ධ බව කියන අල්ලස් මුදල්වලින් ලැබුණු ප්රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට ද අධිචෝදනා පත්‍රයේ චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ මෙතෙක් අවසන් තීන්දුවක් ලබා දී නොමැත.
සම්පූර්ණ වාර්තා
Lanka Truthනාමල්ට එරෙහි එයාබස් අල්ලස් නඩුවේ සාක්ෂියට ප්‍රංශ විමර්ශකවරියක් ලංකාවට
දිවයිනනාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයි

Mawrata News සිංහලප්රංශ අධිකරණ වෝහාරික විශේෂඥවරියක් නාමල්ගේ එයාර් බස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක් වෙයි! ළඟදීම ලංකාවට එන්නයි යන්නේ! VIDEO
ගගනනාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්

Gossip Lanka Newsනාමල්ගේ හොරේ කියන්න යූස්ර් ඛලීල් පැරිසියේ සිට එයි

What Newsඑයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක සාක්ෂිකාරිය යුසර් කලීල් ශ්‍රී ලංකාවට

දිවයිනඑයාර්බස් අල්ලස් හෙළි කළ විශේෂඥවරිය නාමල්ගේ නඩුවේ සාක්ෂි දීමට ලංකාවට

News First - සිංහලඑයාර්බස් අල්ලස් හෙළිකළ විශේෂඥවරිය සාක්ෂිදීමට මෙරටට

Lanka C Newsනාමල්ගේ එයාබස් නඩුවට ප්‍රංශයෙන් ලොකු සාක්ෂිකාරියක් අලුත්කඩේ උසාවියට එයි..

Lanka News Web සිංහලඩො. බි. 2.3 ක එයාර්බස් අල්ලස් නඩුව: සාක්ෂි දීමට ජාත්‍යන්තර අධිකරණ ගිණුම්කරණ විශේෂඥ Yousr Khalil ශ්‍රී ලංකාවට!

දිනමිණනාමල්ට එරෙහි නඩුවක සාක්ෂි දීමට ප්‍රංශ විමර්ශකවරියක් ලංකාවට
IRI Newsනාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවට ප්‍රංශ අධිකරණ විශේෂඥවරියකගෙන් සාක්ෂි

සාරාංශය
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධියේ නඩු විභාගය සඳහා ප්‍රංශ වෝහාරික විමර්ශකවරියක වන යුසර් කලීල් මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙහෙයවූ යුසර් කලීල් මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඇය මෙරටට පැමිණීමෙන් අනතුරුව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව සඳහන් වේ.
නාමල් රාජපක්ෂ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 20 නොවැ 2026පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝගමූලාශ්‍ර 18ක්
- 4 නොවැ 2026තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා මං ගණන් කරනවා - නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 5ක්
- 23 ඔක් 2026ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්මූලාශ්ර 10ක්
- 23 ඔක් 2026මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ,20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා - රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 4ක්
- 21 ඔක් 2026''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "ගමින් ගමට" රැස්වීම් ලබන සතියේ ආරම්භ කරනවා'' - නාමල් රාජපක්ෂමූලාශ්ර 6ක්
- 14 ඔක් 2026බන්ධනාගාරයේ සිටින නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්මූලාශ්ර 8ක්