Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

11 sources·Updated 2h ago

එයාර්බස් අල්ලස් හෙළිකළ විශේෂඥවරිය සාක්ෂිදීමට මෙරටට

- එයාර්බස් සමාගම සම්බන්ධයෙන් ලොව පුරා සිදුකළ දැවැන්ත අල්ලස් හා දූෂණ විමර්ශනයට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් ප්‍රංශ ජාතික අධිකරණ ගිණුම් විමර්ශන විශේෂඥවරියක, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. යූස්ර් ඛලීල් (Yousr Khalil) නම් ඇය, Forensic Risk Alliance (FRA) ආයතනයේ හවුල්කාරිනියක වන අතර එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. අදාළ නඩුවේ පැමිණිල්ල විසින් නම් කර ඇති ප්‍රධාන සාක්ෂිකරුවන් අතර ඇය ද සිටින බව වාර්තා වේ. එයාර්බස් සමාගම සම්බන්ධයෙන් වසර හතරකට ආසන්න කාලයක් පුරා රටවල් කිහිපයක ගුවන් යානා අලෙවි ගනුදෙනු ආශ්‍රිතව සිදුකළ ජාත්‍යන්තර විමර්ශනයේදී යූස්ර් ඛලීල් මහත්මිය ප්‍රධාන භූමිකාවක් ඉටු කර තිබේ. ඇය සමග එයාර්බස් සමාගමේ උප සභාපති කාල් හෙනසී (Karl Hennessee) ද මෙම නඩුවේ තවත් ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහයෝගයෙන් සිදුකළ එම විමර්ශනයේදී ගුවන් යානා අලෙවි ගනුදෙනු සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රියාත්මක වූ බව කියන නීතිවිරෝධී මුදල් ගෙවීම් ජාලයක් අනාවරණය කරගෙන තිබේ. එම ජාත්‍යන්තර විමර්ශනයේ ශ්‍රී ලංකාවට අදාළ කොටස කේන්ද්‍රගත වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වටිනා එයාර්බස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමට යෝජනා වූ ගනුදෙනුවක් සම්බන්ධයෙනි. එම ගනුදෙනුවට අදාළව එවකට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා ඇමරිකානු ඩොලර් මිලියන 16ක කොමිස් මුදලක් ලබාගැනීමේ එකඟතාවකට පැමිණි බවට විමර්ශකයින් චෝදනා කර තිබේ. එම ගනුදෙනුවට සම්බන්ධ බව කියන අල්ලස් මුදල්වලින් ලැබුණු ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට ද අධිචෝදනා පත්‍රයේ චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ මෙතෙක් අවසන් තීන්දුවක් ලබා දී නොමැත.

Share this story

In other languages

  • தமிழ்Airbus ஊழல் வழக்கு: பிரான்ஸ் நிபுணர் சாட்சியமளிக்க இலங்கை வருகின்றார்

Full coverage

  • Lanka Truth·2h agoනාමල්ට එරෙහි එයාබස් අල්ලස් නඩුවේ සාක්ෂියට ප්‍රංශ විමර්ශකවරියක් ලංකාවට
  • දිවයින·18h agoනාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයි
  • Mawrata News සිංහල·1d agoප්‍රංශ අධිකරණ වෝහාරික විශේෂඥවරියක් නාමල්ගේ එයාර් බස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක් වෙයි! ළඟදීම ලංකාවට එන්නයි යන්නේ! VIDEO
  • ගගන·1d agoනාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්
  • Gossip Lanka News·1d agoනාමල්ගේ හොරේ කියන්න යූස්ර් ඛලීල් පැරිසියේ සිට එයි
  • What News·1d agoඑයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක සාක්ෂිකාරිය යුසර් කලීල් ශ්‍රී ලංකාවට
  • දිවයින·1d agoඑයාර්බස් අල්ලස් හෙළි කළ විශේෂඥවරිය නාමල්ගේ නඩුවේ සාක්ෂි දීමට ලංකාවට
  • News First - සිංහල·1d agoඑයාර්බස් අල්ලස් හෙළිකළ විශේෂඥවරිය සාක්ෂිදීමට මෙරටට
  • Lanka C News·1d agoනාමල්ගේ එයාබස් නඩුවට ප‍්‍රංශයෙන් ලොකු සාක්‍ෂිකාරියක් අලුත්කඩේ උසාවියට එයි..
  • Lanka News Web සිංහල·1d agoඩො. බි. 2.3 ක එයාර්බස් අල්ලස් නඩුව: සාක්ෂි දීමට ජාත්‍යන්තර අධිකරණ ගිණුම්කරණ විශේෂඥ Yousr Khalil ශ්‍රී ලංකාවට!
  • දිනමිණ·1d agoනාමල්ට එරෙහි නඩුවක සාක්ෂි දීමට ප්‍රංශ විමර්ශකවරියක් ලංකාවට
  • IRI News·1d agoනාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවට ප්‍රංශ අධිකරණ විශේෂඥවරියකගෙන් සාක්ෂි

Summary

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධියේ නඩු විභාගය සඳහා ප්‍රංශ වෝහාරික විමර්ශකවරියක වන යුසර් කලීල් මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙහෙයවූ යුසර් කලීල් මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඇය මෙරටට පැමිණීමෙන් අනතුරුව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව සඳහන් වේ.

Summarised from Lanka Truth

What this story is about

People
  • නාමල් රාජපක්ෂ·
  • කාල් හෙනසි (Karl Hennessee·
  • කපිල චන්ද්‍රසේන·
  • යූස්ර් ඛලීල් (Yousr Khalil·
  • යුසර් කලීල්·
  • ප්‍රියංකා නියෝමාලි විජේනායක·
  • යුසර් කලීල් (Yousser Khalil·
  • යූසර් කලීල් (Yousr Khalil
Organisations
  • එයාර්බස් සමාගම·
  • Forensic Risk Alliance·
  • SriLankan Airlines·
  • Forensic Risk Alliance (FRA) ආයතනය·
  • ශ්‍රීලංකන් ගුවන් සමාගම·
  • Airbus·
  • ෆොරෙන්සික් රිස්ක් ඇලයන්ස්' (Forensic Risk Alliance·
  • ෆොරෙන්සික් රිස්ක් ඇලයන්ස්' (FRA) ආයතනය
Places
  • Sri Lanka·
  • ප්‍රංශය·
  • ඇමරිකා එක්සත් ජනපදය·
  • United Kingdom·
  • United States·
  • ඉන්දුනීසියාව·
  • පැරිස් නුවර·
  • සිංගප්පූරුව

At a glance

Newsrooms
11
Articles
12
First reported
Nov 27, 9:44 AM
Latest update
Nov 28, 6:41 PM

More in Crime & Courts

Crime & Courts
  • Sri Lanka Navy seizes suspected drug vessel, arrests seven foreign nationals9 sources·1h ago
  • 43 wanted Sri Lankan criminals traced overseas, 17 in Dubai4 sources·4h ago
  • Puttalam Mayor accused of assaulting fruit seller; youth arrested3 sources·4h ago
  • Police open fire on van defying orders in Eheliyagoda4 sources·4h ago
  • More than 11,900 youths taken into protective custody in drug crackdown2 sources·5h ago

Trending stories

Trending
  1. 1Rock falls on SLTB bus, killing 1 and injuring 212 sources
  2. 2Port Access Expressway only open for authorised vehicles from Dec. 014 sources
  3. 3Navy, Coast Guard seize dinghy suspected of carrying narcotics off Mirissa15 sources
  4. 4Vijitha Herath meets PM Modi in New Delhi6 sources
  5. 5Parliamentary Committee to Study Black July4 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health