මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අපි රට හදන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂය අනුවයි..- මාලිමා මන්ත‍්‍රී
රජයේ ඇතැම් තීන්දු තීරණ කෙටිකාලීනව ජනප්‍රිය නොවූවත්, රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියේදී චීනයේ අත්දැකීම් උපයෝගී කර ගනිමින් විනයගරුක රටක් නිර්මාණය කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේසිරි බස්නායක සඳහන් කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ පස්වැනි සැසිවාරයේදී ගනු ලැබූ චීනයේ අනාගත දේශපාලන සහ ආර්ථික දිශානතිය පිළිබඳ කොළඹ පැවැති විද්වත් සංවාදයේදී ඔහු එම අදහස් දැක්වීය.
සාරාංශය
චීනයේ සංවර්ධන අත්දැකීම් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට අදාළ කරගත හැකි ආකාරය සහ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී දේශකයන් අදහස් දැක්වූහ. මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වීරසුමන වීරසිංහ මහතා පැවසුවේ චීනය මේ වන විට තම රටේ ජනගහනයෙන් මිලියන අටසීයක් දුප්පත්කමින් ගලවාගෙන දුප්පතුන් නැති රටක් බවට පත් කර තිබෙන්නේ දැවැන්ත ආර්ථික හා සමාජීය විප්ලවයක් හරහා බවයි.
