මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කෙහෙළියගේ බාල බෙහෙත් නඩුවේ විභාගය අවසන්
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය අද (04) ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසන් කළා. ලිඛිත දේශන නොවැම්බර් 25 වැනි දින කැදවන අතර , වාචික දේශන නොවැම්බර් 30 කැදවේ. ඉන් අනතුරුව තීන්දුව සඳහා දින නියම කරනු කරන [...]
සාරාංශය
ඒ අනුව ලිඛිත දේශන නොවැම්බර් 25 දින කැඳවිමට ද වාචික දේශන නොවැම්බර් 30 දින කැඳවිමට අධිකරණයෙන් දින නියම කළා. නඩුවේ විත්ති වාචකය කැඳවීම ඉකුත් 29 වැනිදා ආරම්භ කළ අතර අධිකරණය මඟ හැර සිටින 09 වන විත්තිකරු හැර අනෙක් විත්තිකරුවන් සියලුම දෙනා විත්තිකුඩුවේ සිට සිය විත්තිවාචික ඉදිරිපත් කළා.

