මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කොළඹ යළි යටවීමේ අවදානමක්.. කාලගුණේ ලිඛිතව දන්නයි..
එල්නිනෝ තත්ත්වය තවදුරටත් ශක්තිමත්වීම සහ නිරිතදිග මෝසම සක්‍රියවීම හේතුවෙන් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය වැඩිවී ගංවතුර හා හදිසි ගංවතුර ඇතිවිය හැකි බැවින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාවක් මගින් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කර තිබේ. එම වාර්තාව නිකුත් කර ඇත්තේ නොවැම්බර් දෙවැනිදාය.
සාරාංශය
එවැනි වාර්තා නිකුත් කර තිබියදී කොළඹ නගරය, අවිස්සාවේල්ල නගරය, නාවලපිටිය නගරය ක්ෂණික ගංවතුරකට පසුගිය දින තුන තුළ ලක්විය. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 2010 වසරේ මිලිමීටර් 440 කත්, 1993 වසරේ මිලිමීටර් 493 ක වර්ෂාපතන වාර්තා වී තිබෙන බැවින් ඉදිරියේදීත් මෙවැනි අවස්ථා පැමිණීමේ ඉඩකඩ තිබෙන බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටී.

