දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ඔහු පවසා ඇති බවය. කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි මොනවාද යන්න විස්තර නොකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇති බව සඳහන්ය. සටන් විරාමය සඳහා මැදිහත් වූ කටාර් සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා