වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ - මුද්‍රණයකර අවසන් නම් ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක්
වසරකට අධික කාලයක සිට තාවකාලිකව නවතාදමා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) යළිත් ආරම්භ කෙරුණා. වෙහෙරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී මෙම කටයුතු ආරම්භ වුණේ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ වාහන අංක තහඩු ලක්ෂ 06ක පමණ සංඛ්‍යාවක් මුද්‍රණය [...]
