මූලාශ්‍ර 2ක්
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය හර්ෂණ වැඩ භාර ගනී
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (23) පෙරවරුවේ වැඩ භාර ගත්තේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කරනු ලැබූ අතර මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදී.
