ලොස් ඇන්ජලීස් සංක්‍රමණික විරෝධතා තවත් තීව්‍ර වෙයි: ට්‍රම්ප් තවත් භටයින් 2000ක් යොදවයි
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ උණුසුම් තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර, සිව් වන දිනටත් විරෝධතා පැවැත්වේ. සංක්‍රමණිකයින් සොයා කරන ලද වැටලීම්වලට එරෙහි විරෝධතා මැඩපැවැත්වීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ආරක්ෂක භටයින් 2,000ක් යොදවා තිබේ.
