ශ්රී ලාංකීය පුවත් ආයතනවලින් නවතම මැද පෙරදිග පුවත්.
මැදපෙරදිග පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් කලාපයේ තවත් හදිසි උත්සන්නවීමක් ඇතිවීමේ අවදානම ඉහළ බව පවසමින් බ්රිතාන්ය රජය රටවල් 16ක් සඳහා සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ. බ්රිතාන්ය විදේශ, පොදුරාජ්ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලය (FCDO) විසින් ඔක්තෝ
මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමක පවතින පසුබිමක හෝමූස් සමුද්ර සන්ධිය හරහා "අවසර නොලත් මුහුදු මාර්ගවල" ගමන් කරමින් තිබූ බොරතෙල් ප්රවාහන නෞකා හතරක් (04) ගිනිබත් වී පුපුරා ගොස් ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) නිල වශයෙන් ප්රකාශ කර තිබ

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ගිවිසුමකට එළඹීමේ උත්සාහයන් තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා කටාර් මැදිහත්කරුවන් ඊයේ (30) යළිත් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට පැමිණ ඇති බව එරට නිලධාරියෙකු විදෙස් මාධ්ය පුවත්පතකට පවසා තිබෙනවා. මෙම මැදිහත්වීමේ සාකච්ඡා අමෙරිකා එ

ඔහු පවසන්නේ පසුගිය අගෝස්තු මාසයෙන් පසුව සිය පියා පිළිබඳ කිසිදු තොරතුරක් තමන්ට හෝ ඔහුගේ නීතිඥවරුන්ට ලැබී නොමැති බවයි. අගෝස්තු මාසයේදී ඉම්රාන් ඛාන් තමන් බන්ධනාගාරය තුළ වධහිංසාවලට ලක්වන බවට ප්රකාශ කර තිබූ බවද සුලෙයිමාන් පවසනවා. තම පියාට ද ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝර්සිට අත්වූ ඉරණම අත්විය හැකි බවට ඔහු මීට පෙර අනතුරු අඟවා තිබූ බව සුලෙයිමාන් [...]

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඡන්ද බලයෙන් ආසන 19ක් දිනූ නමුත් ප්රතික්ෂේප වූ ජනවරම 2026 ඔක්තෝබර් මාසයේ පැවැත්වුණු ඊශ්රායල පාර්ලිමේන්තු මැතිවරණය, එරට දේශපාලන ඉතිහාසයේ බරපතල විරෝධතාවක් කරළියට ගෙනවිත් තිබේ. ඊශ්රායල ජනගහනයෙන් 21%ක් පමණ වන පලස්

අමෙරිකානු නාවික අවහිරතා සහ බටහිර රටවල සම්බාධක මඟහරිමින්, ඉරානය රහසිගත ජාත්යන්තර ජාලයක් හරහා ඩොලර් බිලියන දෙකකට අධික වටිනාකමකින් යුතු යුද උපකරණ ඇතුළු භාණ්ඩ ගෙන්වාගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

සෞදි අරාබියේ පිහිටි ගුවන් තොටුපළවල් සහ තෙල් පහසුකම් වෙත හූති කැරලිකරුවන් විසින් යළි ප්රහාර එල්ල කර තිබෙනවා. ඒ අනුව, සවුදි අරාබියේ නැගෙන

හෝමූස් සමුද්ර සන්ධියට දකුණින් පිහිටි අනවසර මුහුදු කලාපයක් ඔස්සේ යාත්රා කිරීමට උත්සාහ කළ තෙල් ප්රවාහන නෞකා තුනක් මුහුදු බිම්බෝම්බවල ගැටීමෙන් දැවැන්ත පිපිරීම් සහ ගිනිගැනීම් හටගෙන ඇතැයි ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය ප්රකාශ කරයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ නාවික අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම පිපිරීම්වලින් අනතුරුව කාර්ය මණ්ඩල විසින් අදාළ නෞකා අත්හැර දමා ගොස් ඇති අතර, එම නෞකා මේ වන

ඉරානය තම ඩ්රෝන සහ මිසයිල වැඩසටහන් අඛණ්ඩව ක්රියාත්මක කිරීමට සිදුකරගෙන යන සැලසුමක් පිළිබදව විදෙස් මාධ්ය අනාවරණයක් සිදුකර තිබෙනවා. ඒ අනු

යුද ගැටුම් හේතුවෙන් උද්ගත වූ මුහුදු ප්රවාහන අවදානම හේතුවෙන් ඉරානයේ භාණ්ඩ හිමිකරුවන්ට අයත් කන්ටේනර් 18,000ක් පමණ පාකිස්තානයේ වරායන් තුළ සිරවී ඇතැයි ඉරාන මාධ්ය වාර්තා කරයි. එරට මෙහ්ර් පුවත් ඒජන්සිය සඳහන් කර ඇත්තේ මේ වන විට එම භාණ්ඩ තොග
නොවැම්බර් මාසයේ 3 පැවැත්වෙන ඇමරිකානු මධ්ය කාලීන මැතිවරණයෙන් පසු ඉරානයට බරපතල ගුවන් ප්රහාර නැවත ආරම්භ කිරීමට එක්සත් ජනපද හමුදාව සූදානම් වන බව CNN වාර්තා කරයි. ඇමරිකානු හමුදා නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් වාර්තා කරන පරිදි, මැද පෙරදිග ප්රමාණව

නොවැම්බර් 3 වැනි දිනට යෙදී ඇති මධ්යකාලීන මැතිවරණය (Midterm Elections) වෙනුවෙන් අමෙරිකානු දේශපාලනය උණුසුම් වී ඇති පසුබිමක, හිටපු ජනාධිපති බරක් ඔබාමා ඇට්ලන්ටා අසල ජෝර්ජියා හි මෝරෝ (Morrow) ප්රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඩොනල්ඩ් ට්රම්ප් රජයේ ප්රත
ඉරානයට අයත් භාණ්ඩ ප්රවාහන බහාලුම් 18,000කට ආසන්න සංඛ්යාවක් පාකිස්තාන වරායන්හි සිරවී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. ඉරානයේ ජාත්යන්තර ප්රවාහන සමාගම් සංගමයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික මොහොමඩ් අලි කර්ගාෂා පවසන්නේ, අදාළ භාණ්ඩ නිදහස් කර ගැනීම සහ ප්රවාහනය කිරීම සඳහා ගෙවිය යුතු ගාස්තු අධික වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. ඇතැම් බහාලුම් සඳහා ගබඩා [...]

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුද සහ ගැටලු විසඳා ගැනීමට එම කලාපයේ රටවලට හැකියාව ඇති බැවින් අමෙරිකාවේ මැදිහත්වීමක් හෝ රඳා පැවැත්මක් අවශ්ය නොවන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්රකාශ කර තිබේ. රුසියාවේ මොස්කව් අගනුවර පැවති ගෑස් අ