මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
සේවා රැසකට අද සිට TIN අනිවාර්ය කෙරේ..
පුද්ගලයකුගේ බදු හඳුනාගැනීමේ අංකය හෙවත් 'TIN අංකය' ඉදිරිපත් කිරීම මෙරට ප්රධාන පෙළේ මූල්ය හා නීතිමය ගනුදෙනු රැසක් සඳහා අද (01) දින සිට බලාත්මක වන පරිදි අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක නන්ද කුමාර මහතා සඳහන් කළේ, බදු පදනම පුළුල් කිරීම සහ මූල්ය විනිවිදභාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ජාත්යන්තර මූල්ය අරමුදලේ ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව මෙරට සෘජු බදු ආදායම ඉහළ නංවා ගැනීම සඳහා රජය විසින් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම ශ්රී ලාංකික පුරවැසියන්ට 'TIN අංකයක්' (Taxpayer Identification Number) ලබාගැනීම මීට පෙර අනිවාර්ය කරනු ලැබිණි.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
