මූලාශ්‍ර 2ක්
2025 මුල් මාස අට තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවයි
2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩල පවසයි.එම මණ්ඩලය සඳහන් කරන්නේ, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 11554.32ක් බවත් එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61% ක වර්ධනයක් බවය.
