මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ගාසා තීරයේ මහා ගංවතුරක් - ගොඩනැගිලි 2,000ක් කඩා වැටීමේ අවදානමක
ඇදහැලෙන මහ වැසි ගාසා තීරයේ දරුණු ආපදා තත්ත්වයක් ඇති වී තිබෙනවා. මහ වැසි සමග ඇතිවූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් ළමයින් සිව්දෙනෙකු ද ඇතුළුව අවම වශයෙන් පස්දෙනෙකු මියගොස් ඇති බවයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය පැවසුවේ.
සාරාංශය
ඒ සමග ඇතිවූ ජල ගැලීම් නිසා අවතැන් පිරිස් රැඳී සිටි කූඩාරම් 70,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබෙනවා. ඇතැම් ගොඩනැගිලිවල බිත්ති රැසක් ද කඩා වැටී ඇති අතර, ගාසා තීරයේ ඇති තවත් ගොඩනැගිලි 2,000කට ආසන්න සංඛ්‍යාවක් කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවද සඳහන්.

