අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 2ක්·17 Sept 2026 යාවත්කාලීන විය

එයාර් බස් ඩීල් එකෙන් නාමල්ට සල්ලි ආව හැටි...

ඒ, එයාර් බස් ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුව අද(16) කැඳවූ අවස්ථාවේදීයි. මන්ත්‍රීවරයා මීට පෙර අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලේ එම ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළවයි. නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 4 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද(16) කැඳවනු ලැබූහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට අද දැනුම් දුන්නේ එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ප්‍රමාදයකින් තොරව සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි. මෙහිදී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර උපුටා ගැනීම "මේ සැකකරුගෙන් සඳුදා දින බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද සිදුකළා ස්වාමීනී. මේ විමර්ශනය ප්‍රංශයේ එයාර් බස් සමාගම ලංකාවේ එයාර් ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම සමග ඇති කර ගත් ගිවිසුම අනුව පුළුල් බඳ සහිත ගුවන් යානා 16 ක් ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලියේදී සිදු වූ අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශනයක්. ඒ අනුව මේ විමර්ශනයට අදාලව අල්ලස් පනත යටතේ වෙනම විමර්ශනයක් සිදු කෙරෙනවා. ඒ නඩුවට අදාළව මේ සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ. මේ අධිකරණය හමුවේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ. ඒකට හේතුව ස්වාමිනී මීට පෙර අල්ලස් පනත යටතේ මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා සම්බන්ධව විමර්ශන සිදු කිරීමට බලයක් තිබුණේ නෑ. නමුත් දැන් නව දූෂණ වීරෝධි පනත අනුව ඒ බලයද අල්ලස් කොමිසමට හිමි වෙනවා.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම එක්ව සිදු කරන විමර්ශනයක් ස්වාමීනී මේ." නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ නාමල් රජපක්ෂට මෙම ගණුවේදී අල්ලස් ලෙස ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබා දුන් බව ව්‍යපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශ මගින් අනාවරණය කර ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර උපුටා ගැනීම "ස්වාමීණී, මේ ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේදී එයාර් බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක් අල්ලස් ලෙස ලබාදී තිබෙනවා. ඒ එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට. ඇයට අයිති සිංගප්පූරුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ බිස් සොලුයුෂන්ස් අයි.එන්.සී නම් ගිණුමකට තමා මේ මුදල් පළමුව බැර වෙන්නේ. එම ගිණුමෙන් නිමල් පෙරේරා යන අය සභාපතිත්වය දරන සේබර් විෂන් හෝල්ඩින් ලිමිටඩ් සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි ඕ.සී.බී.සී බැංකුවේ ඇති ගිණුමකට මුදල් තැන්පත් වී තිබෙනවා. මේ නිමල් පෙරේරා කියන පුද්ගලයා තමන්ට මරණ තර්ජන පවතින බැවින් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා.නමුත් ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් බිස් සොලුයුෂන්ස් නමින් ඇති ගිණුමේ සිට ඔහුට අයත් සේබර් විෂන් හෝල්ඩින් සමාගමේ ගිණුමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් එනවා කියනවා.මේ මුදල තමා ස්වාමීනී මේ සැකකරුට ලැබෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් මේ සැකකාර නාමල්ට දුන් බව නිමල් පෙරේරා ඔහුගේ ප්‍රකාශයෙන් කියනවා. ප්‍රියංකා නියෝමාලිගේ බිස්සොලුයුෂන්ස් සිංගප්පූරු සමාගමෙන් යුරෝ එක්ලක්ෂ හැට දහස් හරසියක මුදලක් එවකට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යවලා. මේ සියල්ල විමර්ශකයින් හට විමර්ශනවලදී අනාවරණය වු කරුණු." සිද්ධියට අදාළව ජාත්‍යන්තර සහය ඇතිව සිදුකළ වෝහාරික පරීක්ෂණයේදී නාමල් රාජපක්ෂ එයාර් බස් සමාගම සමඟ සිදුකළ ගණුදෙනු සම්බන්ධව ඊමේල් පණිවිඩ ද සොයා ගෙන ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්හ. සැකකරුට ඇප ලබා දීම සම්බන්ධව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය දැක්වූ අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇප ඉල්ලා සිටිය හ. මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා උපුටා ගැනීම "මාගේ සේවා දායකයා ශ්‍රී ලංකාව තුළ දේශපාලන කටයුතුවල සක්‍රීයව නිරතවන දේශපාලඥයෙක්. ඉතින් විදේශගත වෙලා, දේශපාලනය කරන්න බෑනේ ස්වාමීනී.මොලේ තියෙනවා නම් ලංකාවේ ඉදන් තමා ඉතිං දේශපාලනය කරන්න ඕනේ. ඒ නිසා මගේ සේවා දායකයාට දිවයිනෙන් පිටව යන්න අවදානමක් තියෙනවා කියලා පැමිණිල්ල කියන කාරණය මනංකල්පිත අදහසක් විතරයි. තවද පැමිණිල්ල විසින් මාගේ සේවා දායකයාට ඇප ලැබුණු පසු සාක්ෂිකරුවන්ට බලපෑම් කරයි කියලා කියනවා. ස්වාමිණී මගේ සේවාදායකයා අමාරුවෙන් ඇප අරගෙන එළියට ගිහින් ඇප කාරයන්ට බලපෑම් කරයිද?. මෝඩයෙක් නෙමේයිනේ ඒ වගේ දෙයක් කරන්න. ඔබතුමාගේ අධිකරණයෙන් ඇප ප්‍රදානය වුණොත් ඇප ලැබුණු පසුව අපි ගිහිල්ලා සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නෑනේ ස්වාමීනී.මොකද අපි දන්නවනේ එහෙම කරොත් අපට ලැබිලා තියෙන ඇප කොන්දේසි අවලංගු වෙලා ආයි අපට රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න වෙනවා කියලා." කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබන 23 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • දිවයින·17 Sept 2026අල්ලස් නඩුවෙන් හෙට තෙක් රිමාන්ඩ් කළ නාමල් සීඅයිඩී නඩුවෙන් 23 තෙක් යළි ඇතුළට
  • News First - සිංහල·16 Sept 2026එයාර් බස් ඩීල් එකෙන් නාමල්ට සල්ලි ආව හැටි...
  • News First - සිංහල·16 Sept 2026නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා යළි රිමාන්ඩ්...
  • News First - සිංහල·16 Sept 2026නාමල් රාජපක්ෂ අද අධිකරණය හමුවට...

සාරාංශය

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙලෙස පැවසීය. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වනවා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට මෙම සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා 18 දක්වා.

දිවයින වෙතින් සාරාංශගත කර ඇත

නාමල් රාජපක්ෂ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 23 ඔක් 2026ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ්මූලාශ්‍ර 10ක්
  2. 23 ඔක් 2026මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ,20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා - රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ කියයිමූලාශ්‍ර 4ක්
  3. 21 ඔක් 2026''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "ගමින් ගමට" රැස්වීම් ලබන සතියේ ආරම්භ කරනවා'' - නාමල් රාජපක්ෂමූලාශ්‍ර 6ක්
  4. 14 ඔක් 2026බන්ධනාගාරයේ සිටින නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්මූලාශ්‍ර 8ක්
  5. 14 ඔක් 2026නාමල් රාජපක්ෂ අදත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයටමූලාශ්‍ර 8ක්
  6. 23 සැප් 2026නාමල් රාජපක්ෂට අදත් ඇප නෑමූලාශ්‍ර 13ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නාමල් රාජපක්ෂ·
  • කපිල චන්ද්‍රසේන·
  • චමල් රාජපක්‍ෂ·
  • නිමල් පෙරේරා·
  • පසන් අමරසේන·
  • ජනක බණ්ඩාර·
  • ප්‍රියංකා නියෝමාලි විජේනායක·
  • ප්‍රියංකා නියෝමාලිටයි
ආයතන
  • Criminal Investigation Department·
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ·
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ·
  • එයාර් බස් සමාගමේ·
  • අල්ලස් කොමිසම·
  • එයාර් ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම·
  • බිස්සොලුයුෂන්ස් සිංගප්පූරු සමාගමෙන්·
  • සේබර් විෂන් හෝල්ඩින් ලිමිටඩ් සමාගමේ
ස්ථාන
  • Sri Lanka·
  • Colombo·
  • ප්‍රංශය·
  • කොටුව·
  • ඇමරිකා එක්සත් ජනපදය·
  • ඔස්ටේ්‍රලියාවෙවත්·
  • ඔස්ට්‍රේලියාවේ·
  • United States

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
4
මුලින්ම වාර්තා වූයේ
16 සැප්, 9:09
අවසන් යාවත්කාලීනය
17 සැප්, 5:20

දේශපාලනය හි තව

දේශපාලනය
  • ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - ඥානසාර හිමියන්ට ජනපති සමාව දුන් හේතුව හෙළිවේමූලාශ්‍ර 2ක්·මිනිත්තු 51කට පෙර
  • ලංකාවේ පාලම් ප්‍රතිසංස්කරණයට චීනයෙන් හදිසි ආධාර ව්‍යාපෘතියක් –  පළමු අදියර නිල වශයෙන් ඇරඹේමූලාශ්‍ර 3ක්·මිනිත්තු 58කට පෙර
  • අපි සමගි ජන බලවේගයේ වහල්ලු නොවෙයි.. සමගිය දෙදරයි - ශ්‍රී ලංකා දේශපාලනය උඩුයටිකුරු කරන දැවැන්ත පිම්මක්මූලාශ්‍ර 3ක්·පැය 2කට පෙර
  • දෙනවා කියූ කන්ටේනර් වාර්තාව අපිට ලැබුනේ නෑ - මුජිබර් රහුමාන්මූලාශ්‍ර 3ක්·පැය 2කට පෙර
  • මිලේනියල් හා GenZ මට තේරුම් ගන්න බැහැ - රනිල්මූලාශ්‍ර 3ක්·පැය 2කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ශ්‍රීලන්කන් යානයේ හදිසි ගොඩබෑම ගැන පරීක්ෂණයක්මූලාශ්‍ර 10ක්
  2. 2’’බස් ගාස්තු වල වෙනසක් නෑ’’මූලාශ්‍ර 19ක්
  3. 3හෙට ප්‍රදේශ කිහිපයකට තද වැසි - කාලගුණයෙන් රතු එළිමූලාශ්‍ර 16ක්
  4. 4‘මුරසු’ කුණාටුව හේතුවෙන් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්මූලාශ්‍ර 10ක්
  5. 5"ලාල් සහෝදරයා තමන්ගේ වමේ ව්‍යාපාරයේ ඒ රතු කොඩිය අතහැරියේ නැතුව මරණය දක්වාම අරගෙන ආපු කෙනෙක්'' - ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි [VIDEO]මූලාශ්‍ර 39ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය