මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දොස්තරලා ගුටි කෙලියක.. බරපතල වූ දොස්තර කෙනෙක් රෝහලට...
කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති සාදයකදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සිදුවූ ගුටිබැට හුවමාරුවකදී බරපතළ තුවාල ලද වෛද්‍යවරයකු එම රෝහලට ඇතුළත් කර ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. වෛද්‍යවරුන් හැදෑරු පාඨමාලාවක් නිම වීමේ සතුට භුක්ති විඳීම සඳහා වෛද්‍ය නිල නිවාසයක විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම සාදය පවත්වා ඇතැයි පැවැසේ.
සාරාංශය
වෛද්‍යවරුන් හැදෑරු පාඨමාලාවක් නිම වීමේ සතුට භුක්ති විඳීම සඳහා වෛද්‍ය නිල නිවාසයක විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම සාදය පවත්වා ඇතැයි පැවැසේ. මේ සඳහා වෛද්‍යවරුන් 15 දෙනකුට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර සාදයට මත්පැන්ද නොඅඩුව තිබී ඇතැයිද සඳහන්ය.

