ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු අත්අඩංගුවට
ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (06) පෙරවරු 11.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2017 වර්ෂයේදී ලංකා ෆොස්පේට් සමාගම විසින් TGM 160 මෝල යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීමේදී ඇමෙරිකානු ඩොලර් 5,830ක පාඩුවක් සිදු කරමින් දූෂණය නමැති වරද සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



