ආසියානු ක්‍රිකට් ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම්
ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වන් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වය පසුගියදා නම් කළා. එම තරගාවලියේ කාන්තා ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු නම් කර ඇති අතර පිරමි ඉසව්ව සඳහා සහභාගී වන කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චි නම් කර තිබෙනවා.
