මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
පාස්කු පරීක්‍ෂණ දැන් හරියටම වෙනවා.. දිගටම ඔහොම යං..- අගරදගුරු
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී ඇතැම් පාර්ශවයන් විසින් විවිධ බාධා කිරීම් සිදුකළ ද, ඒ පිළිබඳව බියක් ඇති කරගත යුතු නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී…
සාරාංශය
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී වින්දිතයන් හමුවී ලබාදුන් පොරොන්දුව පරිදි, ප්‍රහාරයේ සත්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන කටයුතු මේ වන විට සක්‍රීයව සිදුවෙමින් පවතින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්හ. එදා බලයේ සිටි පිරිස් සිය වුවමනාවන් මත යටගැසූ බොහෝ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතින බව අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළහ.

