ගෝලීය එල්නිනෝ තත්ත්වය හමුවේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ මිලට ඇති විය හැකි බලපෑම් පිළිබඳ සොයා බැලීම සඳහා පෙර සූදානම අරමුණු කර ගනිමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් අද (25) දින වෙළෙඳ අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එල්නිනෝ තත්ත්වයේ බලපෑම අප රටට අවම වුවද, ගෝලීයව සෙසු රටවලට වන බලපෑම නිසා [...]
ඒ සඳහා ආනයනකරුවන් සතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණයන් විමසා බැලීම සහ ශ්‍රී ලංකා රේගුවේ දත්ත විමසා බැලීම ද මෙහිදී සිදුකෙරුණා. පරිප්පු, අල, ලූණු, කරවල සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ හිඟයකින් තොරව පවත්වා ගෙන යාම මෙන්ම මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳ ආනයනකරුවන් සමඟ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් කැඳවා සිදුකළ මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කේ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- වසන්ත සමරසිංහ2
- වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන්
- වසන්ත සමරසිංහ මෙහිදී
යතුරු පද- අත්‍යවශ්‍ය3
- ආහාර3
- එල්නිනෝ2
- සැලසුම්2
- සැපයුම2
- හමුවේ2
- මිල2
- ද්‍රව්‍යවල
- පවත්වාගෙන
- බාධාවකින්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා