මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
කස්සප ඇතුළු භික්ෂූන් පස් නමකට අධිකරණයෙන් නොතීසි! තහනම් නියෝගය ඉවත් කිරීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේපයි!
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට මේ මස 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබෙනවා.
සාරාංශය
එමෙන්ම සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට අදාළ ස්ථානයෙන් ඉවත්වන ලෙස පසුගිය 7 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කළා. අධිකරණය හමුවේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ රුවන්වැලි මහා සෑ මළුව තුළ නොව, ඊට ආසන්න දන්සැල් භූමියේ බවයි.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
