- එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගයේ හෝ වෙනත් පක්ෂයක මැයි දින රැළියකට සහභාගී නොවන, එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරිය තලතා අතුකෝරාල දැනුම් දී තිබේ.නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ, මෙවර මැයි දිනය යෙදී ඇති 01 වැනිදා පසලොස්වක පෝය දිනයක් බැවින් එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් කළින්ම තීරණය කර ඇති බවයි.රණසිංහ ප්‍රේමදාස අගමැති ලෙස එකළ, මැයි 01 වැනිදා පෝය දිනයක් වුවහොත් දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බව පෙන්වා දුන් බව ඇය පෙන්වා දී තිබේ.මේ හේතුව නිසා සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට කටයුතු නොකරණ බව තලතා අතුකෝරාල පෙන්වා දෙන්නේය.
මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ලිපියක් නිකුත් කර ඇත. ඇය එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින්, එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කලින්ම තීරණය කළ බවය.
IRI News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- රණසිංහ ප්‍රේමදාස2
- තා අතුකෝරාල2
- තා අ2
- කෝරාල
- තල
ආයතන- United National Party3
- Samagi Jana Balawegaya2
- එක්සත්ජාතික2
- එජාපය
- ජන
යතුරු පද- සජබයේ2
- මැයි2
- පෝය2
- දැනුම්දීමක්
- ආරාධනයකට
- කටයුතුවල
- පිලිතුරු
- පිළිතුරු
- අතුකෝරල
- ආරාධනයට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා