මූලාශ්‍ර 2ක්
‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහනට සියලු කටයුතු සූදානම් - අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි
බුද්ධ ශාසනය වෙනුවෙන් සිය දරුවන් සසුන්ගත කළ, ස්ථිර නිවසක් නොමැති ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දෙමාපියන් සඳහා නිවාස ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක "යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සැප්තැම්බර් 19 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි.
