මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ගෝලීය අභියෝග ජය ගැනීමට බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කළ යුතුයි - විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්
ගෝලීය අභියෝග ජය ගැනීමට බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය අමතමින් ඊයේ(28) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
සාරාංශය
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ දේශගුණික යුක්තිය හදිසි යථාර්ථයක් බවට පත්විය යුතු බවයි. ජාතික සංහිඳියාව සහ ප්රතිසන්ධානය සම්බන්ධයෙන් ද අදහස් පළ කළ අමාත්‍යවරයා, සියලු ආකාරයේ වර්ගවාදය සහ ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කරමින් වඩාත් ආරක්ෂිත, සියලු දෙනා ඇතුළත් සහ එක්සත් ජාතියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බව පැවසීය.
