වැසි තත්ත්වය අඩු වෙයි ද?
- අද (19) හා හෙට (20) වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ලබන 22 වැනිදා සිට යළිත් වැසි තත්ත්වය වැඩිවිය හැකි බව එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ය.ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මණය වීමේ හැකියාව ඊට හේතුව බව ඔහු ප්‍රකාශ කළේ ය.
