මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සූරි සහ සොනාල් ශ්‍රී ලංකා ඉනිම තර කරයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය (25) අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා සිටියේ පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ එක් ව වාර්තා කරන ලද අර්ධ ශතක ඉනිම් ද සමඟිනුයි.
සාරාංශය
කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූ අතර ඊට පිළිතුරු ලෙසිනුයි සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉනිම ක්‍රීඩා කරමින් සිටින්නේ.>>ඉන්දියාව 503/9යි. තරගය අද ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 8ක් ව පැවැති අතර ඒ වෙද්දී කමිල් මිෂාර නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.
පසිඳු සූරියබණ්ඩාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

