මූලාශ්‍ර 8ක් යාවත්කාලීන විය
ආනන්ද පාලිත ලබන මස 04 දක්වා තවදුරටත් රිමාන්ඩ්
ඒ, 2015 - 2018 සමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් සේවක අතිකාල දීමනා වංචාවකට අදාළවයි. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඉකුත් 17 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු අද පෙරවරුවේ බන්ධනාගාරය මගින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවට ඉදිරිපත් කළේය. එහිදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කරුණු දක්මින් කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල ලබා ගැනීමට හැකි වන්නේ සවස 4.45න් පසුව වුවත් අතිකාල දීමනා ලබා ගැනීමට සැකකරු එම කාල වේලාවේ රාජකාරී කර නොමැති බවයි. ඒ අනුව සාපරාධී ලෙස පරිහරණය වී ඇති මුදල් රුපියල් 100,000ට අධික බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. සැකකාර ආනන්ද පාලිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇප ඉල්ලීමක් සිදු කළේය. එහිදි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයට පැවසුවේ, පොදු දේපල පනතේ අර්ථ නිරූපණයට අනුව කිසිම ආකාරයෙන් සමාගමක දේපල මීට අදාළ නොවන බවයි. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයේ කරුණු දැක්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ 60%ක් රජය සතු බව පැවසීය.
සම්පූර්ණ වාර්තා
දිවයිනතෙල් සංස්ථාවේ ලක්‍ෂ 31ක අතිකාල දීමනා වංචාව: සැකකාර ආනන්ද පාලිත තවදුරටත් රිමාන්ඩ්

News First - සිංහලආනන්ද පාලිත ලබන මස 04 දක්වා තවදුරටත් රිමාන්ඩ්
-628696.jpg&w=640&q=75)
දිවයිනආනන්ද පාලිත යළි රිමාන්ඩ්

ලංකාදීපආනන්ද පාලිත යළි රිමාන්ඩ්

What Newsආනන්ද පාලිත තවදුරටත් රිමාන්ඩ්

Dasatha Lanka Newsආනන්ද පාලිත ලබන 04 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

ගගනඅතිකාල දීමනා වංචා චෝදනාවට ආනන්ද පාලිත යළි රිමාන්ඩ්

Hiru News - Sinhalaආනන්ද පාලිත ලබන 4 දක්වා යළිත් රිමාන්ඩ්

අද දෙරණආනන්ද පාලිත යළි රිමාන්ඩ්

සාරාංශය
එමෙන්ම ඔහු සේවයට වාර්තා කළ බවට සටහන් කර ඇත්තේ උදෑසන 7.30ට වන බවයි. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවයි. ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.
ආනන්ද පාලිත ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 නොවැ 2026ග්‍රාමීය සංවර්ධනයට වෙන් කළ බිලියන 35න් වියදම් කර ඇත්තේ බිලියනයයි - නාමල් රාජපක්ෂමූලාශ්‍ර 5ක්
- 19 නොවැ 2026ආනන්ද පාලිත ආණ්ඩුවට විරුද්ධව කතා කරන නිසා, ඔහුව මර්ධනය කරන්න රිමාන්ඩ් එකට ගත්තා - රංජිත් මද්දුම බණ්ඩාර කියයිමූලාශ්‍ර 2ක්
- 19 නොවැ 2026ගෑස් මිල වැඩි කරපු එක අහද්දි කටවල් වහනවා! ආණ්ඩුවට විරුද්ධව කතා කරන වෘත්තීය සමිති නායකයන් හිරේ දානවා! ආණ්ඩුව මේ යන්නේ ඒකාධිපති ආඥාදායක යුගයකට! විපක්ෂනායක සජිත් මන්ත්‍රීවරුන් පිරිවරා ආනන්ද පාලිතව බලන්න වැලිකඩට යයි! VIDEOමූලාශ්‍ර 2ක්
- 18 නොවැ 2026ආනන්ද පාලිතට එරෙහි පැමිණිල්ල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්ගේ - පොලිස් ඇමතිමූලාශ්‍ර 18ක්
- 12 නොවැ 2026සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කිසි ප්‍රශ්නයක් වුණේ නෑ! සජබය ඇතුළේ ප්‍රශ්න තියෙනවා කියලා රටට පෙන්වන්න සමහරුන්ට ලොකු වුවමනාවක් තියෙනවා! ඊයේ ෆේස්බුක් සටහනකින් ආ ප්‍රසාද් අද මාධ්‍ය හමුවක් තියලාම කියයි! VIDEOමූලාශ්‍ර 3ක්