8 sourcesUpdated
ආනන්ද පාලිත ලබන මස 04 දක්වා තවදුරටත් රිමාන්ඩ්
ඒ, 2015 - 2018 සමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් සේවක අතිකාල දීමනා වංචාවකට අදාළවයි. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඉකුත් 17 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු අද පෙරවරුවේ බන්ධනාගාරය මගින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවට ඉදිරිපත් කළේය. එහිදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කරුණු දක්මින් කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල ලබා ගැනීමට හැකි වන්නේ සවස 4.45න් පසුව වුවත් අතිකාල දීමනා ලබා ගැනීමට සැකකරු එම කාල වේලාවේ රාජකාරී කර නොමැති බවයි. ඒ අනුව සාපරාධී ලෙස පරිහරණය වී ඇති මුදල් රුපියල් 100,000ට අධික බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. සැකකාර ආනන්ද පාලිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇප ඉල්ලීමක් සිදු කළේය. එහිදි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයට පැවසුවේ, පොදු දේපල පනතේ අර්ථ නිරූපණයට අනුව කිසිම ආකාරයෙන් සමාගමක දේපල මීට අදාළ නොවන බවයි. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයේ කරුණු දැක්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ 60%ක් රජය සතු බව පැවසීය.
Full coverage
දිවයිනතෙල් සංස්ථාවේ ලක්ෂ 31ක අතිකාල දීමනා වංචාව: සැකකාර ආනන්ද පාලිත තවදුරටත් රිමාන්ඩ්

News First - සිංහලආනන්ද පාලිත ලබන මස 04 දක්වා තවදුරටත් රිමාන්ඩ්
-628696.jpg&w=640&q=75)
දිවයිනආනන්ද පාලිත යළි රිමාන්ඩ්

ලංකාදීපආනන්ද පාලිත යළි රිමාන්ඩ්

What Newsආනන්ද පාලිත තවදුරටත් රිමාන්ඩ්

Dasatha Lanka Newsආනන්ද පාලිත ලබන 04 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

ගගනඅතිකාල දීමනා වංචා චෝදනාවට ආනන්ද පාලිත යළි රිමාන්ඩ්

Hiru News - Sinhalaආනන්ද පාලිත ලබන 4 දක්වා යළිත් රිමාන්ඩ්

අද දෙරණආනන්ද පාලිත යළි රිමාන්ඩ්

Summary
එමෙන්ම ඔහු සේවයට වාර්තා කළ බවට සටහන් කර ඇත්තේ උදෑසන 7.30ට වන බවයි. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවයි. ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.