අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
  • ආයතන
  • ස්ථාන
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 9ක්·15 Oct 2026 යාවත්කාලීන විය

යෝෂිතගේ නඩුවේදී වත්කම් ගැන හෙළිවූ කරුණු මෙන්න...

නාවික හමුදා සේවා කාලය තුළ යෝෂිත රාජපක්ෂට ගෙවා ඇති වැටුප් හා දීමනා රුපියල් ලක්ෂ 51කට අධිකයි. රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි 5ක් දෙහිවල හා රත්මලාන ප්‍රදේශ වලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනුකර තිබේ. නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේයි. එහිදී රජයේ අධි නිතීඥ ඔස්වල්ඩ් පෙරේරාගේ මෙහෙයවීමෙන් නාවික හමුදා නිළධාරී ධම්මික ප්‍රියදර්ශන වික්‍රමආරච්චි සාක්ෂි දෙමින් කියා සිටියේ, යෝෂිත රාජපක්ෂට නාවික හමුදා නිළධාරියෙකු ලෙස කටයුතු කල කාලයේ ගෙවා ඇති මාසික වැටුප රුපියල් දාසයදාස් තුන්සිය අනූවක් බවයි. එම නාවික හමුදා නිලධාරියා සාක්ෂි ලබා දුන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා වෙනුවෙන්. එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2006 දෙසැම්බර් 14 වැනිදා සිට 2026 පෙබරවාරී 28 දක්වා සේවය කළ යෝෂිත රාජපක්ෂගේ මාසික වැටුප රුපියල් 16,500ක් බවයි. ඉන් රුපියල් 110ක් කැපී ඇති අතර, රුපියල් 16,390ක මුදලක් වැටුප ලෙස ගෙවා ඇතැයි, නාවික හමුදා නිලධාරීයා සාක්ෂි දෙමින් පැවසීය. සාක්ෂිකරු කියා සිටියේ, යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ තරුණ නිළධාරීන්ගේ පුහුණුවට යෑම උදෙසා අවශ්‍ය මුදල් ඉල්ලා සිටිමින් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ 2014 මැයි 18 වැනිදා ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි. එහිදී පුහුණුවට යෑමට ආහාර සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් පවුම් හාරදහස් එකසිය හැත්තෑ හතරයි සත අසූවක මුදලක් හා පාඨමාලා ගාස්තුව ලෙස රුපියල් විසිදාස් තුන්සිය හැට දෙකක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි, සාක්ෂිකරු සිය සාක්ෂියේදී සඳහන් කළේය. එවක විනිමය අනුපාත අනුව පවුම හාරදහස් එකසිය හැත්තෑ හතරයි සත අසූවක මුදල දළ වශයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්නයි. යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ සේවය කළ වසර 10 කාල වකවානුව තුළ වැටුප් හා දීමනා ලෙස රුපියල් පනස් එක් ලක්ෂ පනස්දාස් හයසිය විසි පහක මුදලක් ගෙවා ඇති බව නාවික හමුදා නිලධාරී නුවන් තුෂාර සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය. නාවික හමුදා නිළධාරී දේවින්ද උදයකුමාර සාක්ෂි දෙමින් යෝෂිත රාජපක්ෂ 2009 මාර්තු 31 සිට 2015 වසරේ මාර්තු 31 දක්වා ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ නාවික හමුදාවට ලබා දී ඇති බව කියා සිටියේය. නාවික හමුදා නිලධාරීන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරී කණිශ්ක ගාමිණි සාක්ෂි දුන්නේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2003 නොවැම්බර් 10 වැනිදා යෝෂිත රාජපක්ෂ හැත්තෑ දෙදාස් හාරසිය හැත්තැවයි සත තුනක මුදලක් තැන්පත් කරමින් ජාතික ඉතිරි කිරීම් බැංකුවේ ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කර ඇති බවයි. ඒ අවස්ථාවේදි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් විරෝධතාවයක් මතු කළේය. නැවත රජයේ අධි නීතිඥවරයාගේ සාක්ෂි මෙහෙයවීමේ හමුවේ සාක්ෂිකරු කියා සිටියේ, යෝෂිත කනිෂ්ක රාජපක්ෂ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ඉතිරි කිරීමේ ගිණුමෙන් 2016 වසර දක්වා මුදල් ආපසු ගැනීමක් සිදු කර නැති බවයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙනුවෙන් එම අධිකරණයේ ලිපිකරු වන සෙනරත් බණ්ඩාර සාක්‍ෂි ලබා දුන්නේය. නුගේගොඩ දිසා අධිකරණයේ හමුවේ ඩේසී ෆොරස්ට්ගේ දේපළ සම්බන්ධව විභාග වූ නඩුවක මුල් ගොනුව ආශ්‍රයෙන් එම සාක්ෂි විමසීම සිදුකළේය. වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30 යළි සිදු කිරීමට දින නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සෙසු සාක්ෂිකරුන්ට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසද අවවාද කළේය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·15 Oct 2026යෝෂිතගේ නඩුවේදී වත්කම් ගැන හෙළිවූ කරුණු මෙන්න...
  • BBC News සිංහල·15 Oct 2026යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවෙන් ගෙවූ වැටුප්, මිල දී ගත් ඉඩම්, බැංකු ගිණුම් පිළිබඳ විස්තර අධිකරණයේදී දිගහැරුණු හැටි
  • දිවයින·15 Oct 2026යෝෂිතට නාවික හමුදාවෙන් වැටුප් ලෙස ලක්ෂ 51ක් ගෙවලා
  • Gossip Lanka News·15 Oct 2026නාවික හමුදාවේ සේවය කළ කාලයට යෝෂිත රාජපක්ෂ ලැබූ වැටුප් රුපියල් 5,150,626ක්! මහාධිකරණයට හෙළිවෙයි
  • Neth News·15 Oct 2026යෝෂිතට නාවික හමුදාවෙන් ගෙවූ මුදල අධිකරණයේදී හෙළි වෙයි
  • ITN News·15 Oct 2026යෝෂිතට නාවික හමුදාවේ සිටියදී ලක්ෂ 51ක වැටුප් ගෙවා ඇති බව අධිකරණයේදී හෙළි වෙයි
  • Hiru News - Sinhala·15 Oct 2026නාවික හමුදාවේ සේවය කළ කාලයේදී යෝෂිතට වැටුප් ලෙස ලක්ෂ 51ක් ගෙවා තිබුණා - නාවික හමුදා නිලධාරියෙක් මහාධිකරණයේදී සාක්ෂි දෙමින් කියයි
  • Asian Mirror·15 Oct 2026යෝෂිත මිලියන ගණනක නාවික හමුදා වැටුපක් ගත් හැටි හෙළිවෙයි
  • අද දෙරණ·15 Oct 2026යෝෂිතගේ නාවික හමුදා වැටුප අධිකරණයේ දී හෙළිවෙයි

සාරාංශය

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙනුවෙන් එම අධිකරණයේ ලිපිකරු වන සෙනරත් බණ්ඩාර සාක්‍ෂි ලබා දුන්නේය. නුගේගොඩ දිසා අධිකරණයේ හමුවේ ඩේසී ෆොරස්ට්ගේ දේපළ සම්බන්ධව විභාග වූ නඩුවක මුල් ගොනුව ආශ්‍රයෙන් එම සාක්ෂි විමසීම සිදුකළේය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

යෝෂිත රාජපක්ෂ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 24 නොවැ 2026යෝෂිතට-කර­න්නා­ගො­ඩට අධි­චෝ­දනා භාර­දෙයිමූලාශ්‍ර 11ක්
  2. 13 නොවැ 2026යෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය 26 ට කල් යයිමූලාශ්‍ර 2ක්
  3. 4 නොවැ 2026මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයිමූලාශ්‍ර 15ක්
  4. 3 නොවැ 2026ඩේසී ආච්චි නඩුවෙන් නිදහස් කරයිමූලාශ්‍ර 3ක්
  5. 30 ඔක් 2026යෝෂිතට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 12 වනදාමූලාශ්‍ර 8ක්
  6. 2 ඔක් 2026යෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයිමූලාශ්‍ර 11ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • යෝෂිත රාජපක්ෂ·
  • Mahinda Rajapaksa·
  • ඔස්වල්ඩ් පෙරේරා·
  • වසන්ත කරන්නාගොඩ·
  • සම්පත් මෙන්ඩිස්·
  • උදේශ් රණතුංග·
  • ධම්මික ප්‍රියදර්ශන වික්‍රමආරච්චි·
  • කපිතාන් නුවන් තුෂාර අරන්දර
ආයතන
  • කොළඹ මහාධිකරණය·
  • නාවික හමුදාව·
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව·
  • දිසා අධිකරණය·
  • මහාධිකරණයේදී
ස්ථාන
  • Colombo·
  • Sri Lanka·
  • රත්මලාන·
  • දෙහිවල·
  • United Kingdom·
  • නුගේගොඩ

සැකෙවින්

පුවත් ආයතන
9
ලිපි
9
මුලින්ම වාර්තා වූයේ
15 ඔක්, 11:41
අවසන් යාවත්කාලීනය
15 ඔක්, 22:27

දේශපාලනය හි තව

දේශපාලනය
  • 83 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්·මිනිත්තු 24කට පෙර
  • 2027 වසර ශ්‍රී ලංකාවට සහ චීනයට සුවිශේෂී වන්නේ ඇයි? - අගමැතිනි හරිනි හෙළි කරයිමූලාශ්‍ර 3ක්·මිනිත්තු 53කට පෙර
  • පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - අයවැය විවාදයේ 6 වන දිනය අද [VIDEO]මූලාශ්‍ර 6ක්·පැය 1කට පෙර
  • යුද සමයේ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකා රජයට නිර්දේශයක්මූලාශ්‍ර 7ක්·පැය 2කට පෙර
  • මාලු ඇප් එකේ ප්‍රගතිය සියයට 40යි - විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනාමූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTVමූලාශ්‍ර 5ක්
  2. 283 කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් : සභාපතිත්වය අමාත්‍ය සරෝජා පෝල්රාජ්ටමූලාශ්‍ර 3ක්
  3. 3ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්මූලාශ්‍ර 3ක්
  4. 4කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්නමූලාශ්‍ර 13ක්
  5. 5රටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්නමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය