මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මහ කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර පවතිනවා - ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි
මහ කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා අවධාරණය කළේ, කන්නයට අදාළ පොහොර බෙදාහැරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
සාරාංශය
TSP පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් සහ SSP පොහොර මෙට්‍රික් ටොන් 5000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. SSP පොහොර තවත් මෙට්‍රික් ටොන් 10,000ක් සමාගම් සතුව පවතින අතර ඒ අනුව මඩපොහොර මෙට්‍රික් ටොන් 31,000ක් පමණ සමාගම් සතුව තිබෙන බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ. මහ කන්නය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000ක්.
චන්දන ලොකුහේවගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

