ශ්‍රී ලංකාවේ අපනයන 2025 පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් බිලියන 8.3 දක්වා ඉහළ යයි
ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති අතර 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයකි. වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා විය. මෙය 2024 ජූනි...
