“මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අදින් ඇරඹේ
"විකසිත වන ළමා ලොවට - හිරු කිරණකි සතුට පවුල" යන තේමාව යටතේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද (14) සිට ජූලි 20 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
