ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
වැටුප් වැඩිවීම්, බදු ලිහිල් කිරීම් සහ බිලියන 805 ක මූල්‍ය පරතරය: ජනපති අනුර හෙළි කළ රටේ ඇත්ත ආර්ථික කතාව!
රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: වත්මන් ශ්‍රී ලංකා ආර්ථිකය තුළ උග්‍ර ජීවන වියදම් පීඩනය හමුවේ වැටුප් වැඩි කිරීම් ඇතුළු විවිධ ඉල්ලීම් මුල් කරගනිමින් වෘත්තීය සමිති විසින් දියත් කරනු ලබන උද්ඝෝෂණ සහ වැඩවර්ජන රැල්ල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
සාරාංශය
රාජ්‍යයේ මූල්‍ය විනය, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනයන් සහ ඉදිරි බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෙළිදරව් කළ ප්‍රධාන කරුණු කිහිපයකි. මෙයින් පැහැදිලි වන්නේ රජය උපයන මුළු ආදායම රටේ එදිනෙදා මූලික වැටුප් සහ ණය වාරික ගෙවීමට පවා ප්‍රමාණවත් නොවන බවයි.


