මූලාශ්ර 3ක් යාවත්කාලීන විය
මාලිමා ශාකා සමිති ග්රාම සේවා වසම්වල හදලා අපේ අය ආණ්ඩුකරණයට ගන්නවා..- ලාල් කාන්ත
පසුගිය මැතිවරණ සමයේ ගෙයින් ගෙට ගොස් ජාතික ජන බලවේගය වෙනුවෙන් කැපවූ බිම් මට්ටමේ ක්රියාකාරිකයන්, වත්මන් පාලනය තුළ ජනතාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මහජන නියෝජිතයන් සමඟ සෘජුව එක්වෙමින් පාලන ක්රියාවලියට සක්රීයව මැදිහත් විය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
සාරාංශය
මැතිවරණ ව්යාපාරය පැවති වකවානුවේදී ජාතික ජන බලවේගය බලයට ගෙන ඒම වෙනුවෙන් ගමේ අසල්වැසියන් දැනුවත් කරමින්, විවිධ පාර්ශ්ව වෙතින් එල්ල වූ නින්දා අපහාස හා උපහාසාත්මක කතාවලට මුහුණ දෙමින් කැපවූයේ ගම් මට්ටමේ පාක්ෂිකයන් බව අමාත්යවරයා මෙහිදී සිහිපත් කළේය.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
