මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ජනපති මුල්ගල තැබූ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහා නතර කිරීමට නියෝගයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් මුල් ගල තබා පසුගිය වසරේ වැඩ ආරම්භ කරන ලද උතුරේ ඉදිවන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු පරිසර අගැයීම් වාර්තාව නොමැති වීම හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට නියෝග කර තිබේ. යාපනයේ ඉදිවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ, ඉදිකිරීම් සඳහා අවශ්‍ය පරිසර බලපෑම් අගැයීම් ලබා දී ඊට අනුමැතිය ලබා දෙන තෙක් දැනට ආරම්භ කර ඇති වැඩකටයුතු නවතා දමන ලෙස දැනුම් දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
සාරාංශය
එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය පසුගිය වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමටත් හැකි වනු ඇති බවට ඒම අවස්ථාවේදී ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේ ය. ඒ අනුමැතිය ගන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් කරන්න." "ගිය සතියේ වගේ අපිට ආරංචියක් ආවා වැඩ කරනවා කියලා.

