අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 2ක්·26 Mar 2026 යාවත්කාලීන විය

රාජ්‍ය සේවය වෙනුවෙන් පත් කළ අනුකමිටුව රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.මහජනතාවට රජයේ සේවා බාධාවකින් තොරව ලබා දීම සහ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.එසේම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, අධිකරණ යන අමාත්‍යාංශවල සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරණු අතර, ඒ අනුව නියමිත පරිදි විභාග පැවැත්වීම සහ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ බාධවකින් තොරව සැපයීම සහතික කිරීමට තීරණය කෙරිණි.මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු විය.මීට අමතරව නිවසේ සිට වැඩි කිරීම සහ පවතින සේවා වඩාත් වේගවත් කිරීම සඳහා ඩිජිටල් සේවා පද්ධති හඳුන්වාදී දීමටත්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.සියලුම අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල වත්මන් බලශක්ති කළමනාකරණ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී උපදෙස් දෙන ලදී.රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ටී. එම්. උදයංග හේමපාල, අධිකරණ, සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ටී. ආර්. ඩබ්. එස්. ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. එස්. රාජකරුණා යන මහත්ම මහත්මීහු ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·25 Mar 2026රාජ්‍ය සේවය වෙනුවෙන් පත් කළ අනුකමිටුව රැස්වෙයි
  • Dasatha Lanka News·25 Mar 2026අමාත්‍යාංශවල බලශක්ති කළමනාකරණට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට උපදෙස්

සාරාංශය

මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු විය. සියලුම අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල වත්මන් බලශක්ති කළමනාකරණ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී උපදෙස් දෙන ලදී.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

ප්‍රදීප් සපුතන්ත්‍රී ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 22 සැප් 2026දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව වෙනුවෙන් කලාපීය සහයෝගීතාවයෙන් යුත් ඒකාබද්ධ වැඩපිළිවෙළක්මූලාශ්‍ර 2ක්
  2. 19 සැප් 2026​අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්මූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න·
  • ඩී. ජේ. ඒ. එස්. එස්. රාජකරුණා·
  • ටී. ආර්. ඩබ්. එස්. ධනපාල·
  • ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ·
  • ටී. එම්. උදයංග හේමපාල·
  • ප්‍රදීප් සපුතන්ත්‍රී·
  • Harini Amarasuriya·
  • එස්. ආලෝක බණ්ඩාර
ආයතන
  • රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට·
  • ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය·
  • අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ·
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ·
  • ඛනිජ තෙල් නීතිගත සංස්ථාව·
  • සෞඛ්

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
25 මාර්, 15:49
අවසන් යාවත්කාලීනය
26 මාර්, 8:40

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • මැදපෙරදිග දිගුකාලීන සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහායමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • අමෙරිකාවේ වියදම් අධිකම මධ්‍යවාර මැතිවරණය අදමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • මැතිවරණය පෙනි පෙනී ට්‍රම්ප් ඉරානයට පහර දෙයිමූලාශ්‍ර 5ක්·පැය 2කට පෙර
  • ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩියටම වැටිලාමූලාශ්‍ර 4ක්·පැය 2කට පෙර
  • යුක්රේනයේ ආධාර මධ්‍යස්ථානයකට රුසියාවෙන් ප්‍රහාරයක් 26ක් මරුටමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1කථානායකගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි!මූලාශ්‍ර 12ක්
  2. 2ඩිමෙන්ෂියා ඩේසි ආච්චි නිදහස් - යෝෂිතට දිගටම චෝදනාමූලාශ්‍ර 13ක්
  3. 3නාමල්ට ක්‍රිෂ් නඩුවට ඇප ලැබේ - එයාර් බස් නඩුවට ඇප නොලද නිසා තවදුරටත් ඇතුලේමූලාශ්‍ර 24ක්
  4. 4අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි...මූලාශ්‍ර 28ක්
  5. 5දිවයිනේ ප්‍රධාන රෝහල් 5කට නව අධ්‍යක්ෂවරු පත් කෙරේමූලාශ්‍ර 6ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය