ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ජලයෙන් යට වුණ කොළඹ ජාතික රෝහලේ වැඩ කටයුතු මේ වන විට සාමාන්‍ය තත්ත්වයට
කොළඹ ජාතික රෝහලේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. ඊයේ (නොවැ,6) කොළඹ ප්‍රදේශයට ඇද හැළුණු මිලිමීටර් 129 වැඩි අධික වර්ෂාව හේතු කොටගෙන ජාතික රෝහල් පරිශ්‍රය ඇතැම් වතුරින් යට විය.
සාරාංශය
මේ තත්ත්වය පාලනය කර ගත්රෝහල් කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී පැය කිහිපයක් ඇතුළතදී රෝහල පිරිසිදු කිරීම් අවසන් කිරීම නිසා අද (7) උදෑසන වන විට සියලුම ප්‍රතිකාර සහ අනෙකුත් සේවා ආරම්භ කිරීමට හැකි වී ඇත. කෙසේ වෙතත් මේ ගංවතුර තත්ත්වය පාලනය කිරීමට නම් රෝහල අසලම ඇති නොරිස් ඇල මාර්ගය සුද්ද පවිත්‍ර කිරීම හා ැනවශ්‍ය ඉදි කිරීම් ඉවත් කළ යුතු බව සේවකයින්ගේ අදහසයි.

