එහි ලේකම් නාලක කළුවැව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ අනුව එම කමිටුව පත් කරන බවයි.ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවේ අනුමැතිය හිමිවූ බවද ඔහු ප්‍රකාශ කළේ ය.ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් කිරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව විධිමත් විනය පියවර ගැනීමට අදාළ කරුණු විමර්ශනය එම කමිටුව හරහා සිදුකෙරෙනු ඇත.අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන ද, කඩිනම් කර තිබේ.පරීක්ෂණවලට සහය දැක්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ද, පසුගියදා තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් විය.
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය ඒකකයට මතභේදාත්මක වෙබ් අඩවියක් එක්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ තොරතුරු ඇතුළත් වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා වෙත බාර දී ඇත. මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය තුළම පත්කළ තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් මගින් මෙම වාර්තාව සම්පාදනය කර ඇත.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ජාතික අධ් යාපන3
- Criminal Investigation Department
යතුරු පද- අධ්‍යාපන2
- තිදෙනෙකුගෙන්
- සිදුකෙරෙනු
- මොඩියුලයට
- කමිටුවක්
- සමලිංගික
- හෙලිවෙයි
- වාර්තාව
- ආයතනයේ
- හොයන්න
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා