මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
බැතිමතුන්ට කුණුහරුපෙන් බැණලා අල්ලන්න ගියාම ගඟට පැනලා
කතරගම වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසකට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පුද්ගලයකු, පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් බේරීමට මැණික් ගඟට පැනීමෙන් අනතුරුව හිස ගලක වැදී බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
සාරාංශය
එම දැනුම් දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ කතරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇත. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කතරගම නව නගරයේ පදිංචි පුද්ගලයෙකි. සිද්ධියට අදාළව කතරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වන විටත් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටිති.
